ජනගහනය පහළට

246


මෙරට වාර්ෂික ජනගහනය ඉකුත් වර්ෂයේ දි (2023) මිලියන 22.037 දක්වා සියයට 0.6කින් පහත වැටි ඇති බැව් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති නවතම වාර්තාවක සදහන් වේ.

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දේපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි උපත් අඩුවිම හා සහ මරණ වැඩිවිම හේතුවෙන් වාර්ෂික ජනගහනය පහත වැටි ඇති බැව් මෙම වාර්තාවේ සදහන් කර සිටී.
ජනගහනය පහත වැටිමට සමගාමිව මෙරට ජන ඝනත්වය 2022 වර්ෂයේ දි වාර්තා කළ වර්ග කිලෝමිටරයට පුද්ගලයන් 354 සිට 2023 වසර වනවිට වර්ග කිලෝමිටරයකට පුද්ගලයින් 351 දක්වා පහත වැටි ඇති බව ද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම 2022 වර්ෂයේ දි මිලියන 8547ක් වු මෙරට ආර්ථික වශයෙන් සක්‍රිය ජනගහනය 2023 වර්ෂයේ දි මිලියන 8,408 දක්වා පහත වැටි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment