කොරෝනා එන්නත්කරණය අනිවාර්ය කිරීමට එරෙහිව ඇමෙරිකාවේ විරෝධතා

244

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇමෙරිකානු ආයතන ප‍්‍රධානින් වෙත සිය සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් ලබාගැනීම අනිවාර්ය කර එන්නත් ලබා නොගන්නා සේවකයන් රැකියාවෙන් ඉවත් කරන ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පාමින් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා නගරවල මහජන විරෝධතා ආරම්භ වී තිබේ.

ජනාධිපති බයිඩන් විසින් රටේ සියලූ සෞඛ්‍ය සේවකයන් හා ගුරුවරුන් සිට කොරෝනා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමේ නීති රීති ගෙන ඒමට තීරණය කර ඇති අතර සිය සේවකයන් සියලූ දෙනාට කොරෝනා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරන ලෙස ඇමෙරිකානු ආයතන ප‍්‍රධානීන් වෙතද දැනුම් දී තිබේ. කොරෝනා එන්නත් ලබා නොගන්නා සේවකයන් සේවයෙන් ඉවත් කරන බවට අවසන් දැනුම්දීමක් සිදු කරන ලෙසද ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇති අතර එය මහජන විරෝධතාවලට හේතු වී තිබේ. කොරෝනා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට එරෙහිව වීථි බැස සිටින විරෝධතාකරුවෝ පවසා ඇත්තේ රැකියාව අහිමි වුවද එන්නත ලබා නොගන්නා බවයි. නිව් හැම්ප්ශයර් ප‍්‍රාන්තයේ/කොන්කෝඞ් නගරයේ විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වූ හෙදියක් පවසා ඇත්තේ තමන් මින් පසු කිසිදු එන්නතක් ලබා නොගෙන ඒ වෙනුවෙන් රැකියාව අහිමි කරගැනීමටද සූදානම් බවයි. බයිඩන් පාලනය කොරෝනා එන්නත් අනිවාර්ය කිරීම හරහා වෛද්‍ය වෘත්තිකයන්ගේ ස්වාධීනත්වයට හා අයිතීන් ඉලක්ක කරගෙන මෙම තීරණය ගෙන ඇති බව විරෝධතාවන්ට සහභාගි වන හෙදියන් පවසා තිබේ.

විදෙස් පුවත් සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment