දේශයේ රක්ෂකයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සෑම විටම ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් තම අවධානය යොමුකර ඇත. දරුවන් යනු රටක අනාගතය වන අතර ඔවුන්ගේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන් නිවැරදි අඩිතාලම දැමීම ව්‍යාපාර ඇතුලු‍ සියලු‍ම පුරවැසියන්ගේ වගකීමකි.

අධ්‍යාපනයේ වටිනාකම වටහා ගත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමෙ සිහිනය සැබෑ වීම වෙනුවෙන් නව රක්ෂණ සැලසුම් රැසක් ඉදිරිපත් කර තිබේ. මිණිමුතු අධ්‍යාපන සැලසුම මඟින් දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් අරමුදලක් පවත්වාගත හැකි අතර එය දෙමාපියන්ගේ අනපේක්ෂිත වියෝවකදී හෝ සදාකාලික පූර්ණ ආබාධිත වූ අවස්ථාවකදී වුවද තම දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකරගැනීමට අවශ්‍ය පසුබිම සලසා දෙනු ලැබේ. දෙමාපියන් ජීවත්ව සිටියත් හෝ නොසිටියත් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇති සිහින ඒ ආකාරයෙන්ම ඉටුකරගැනීමට හැකි වීම මෙම සැලසුමේ විශේෂත්වයකි. ඒවගේම, ඉදිරියට ගෙවීමට ඇති සියලූම පාසල් ගාස්තු ගෙවීමෙන්, පෞද්ගලික හෝ ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කිරීමට ‘School Fee Protector’ සැලසුම සහාය වේ.

නිරන්තරයෙන් වෙනස්වන තත්ත්වයන් සහ පාරිභෝගික අවශ්‍යතාවන්ට සරිලන පරිදි ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය සේවා සහ රක්ෂණ සැලසුම් අඛණ්ඩව නව්‍යකරණය කරන අතර එමඟින් නවීන රක්ෂණ විසඳුම් ලබා දෙන රක්ෂණාවරණ හඳුන්වාදීම හරහා පාරිභෝගික ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අඛණ්ඩව උත්සාහ කරයි. එමෙන්ම අප රටේ දරුවන්ගේ සිහින සැබෑ කර ගැනීමට, ඔවුන්ව ආරක්ෂා කරමින් සහ පෝෂණය කරමින් යහපත් පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සැමවිටම දැඩි උනන්දුවකින් කටයුතු කරන අතර මිණිමුතු සහ ‘School Fee Protector’ යනු ඒ බව තහවුරු කරනා තවත් එක් උත්සාහයකි.

advertistmentadvertistment
advertistmentadvertistment