සංවර්ධන ලොතරැයියෙන් රු. මිලියන 3000ක් ජනාධිපති අරමුදලට

92

ජනාධිපති අරමුදලේ මහජන සේවාවන් සඳහා සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සදහා අරමුදල් සම්පාදනය අරමුණු කරගනිමින් ස්ථාපිත කරන ලද සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ව්‍යාපාරික මෙහෙයුම් සාර්ථක ව ඉටු කරමින්, 2022 වසරේදී සිය වාර්ෂික ආදායම් ඉලක්ක සපුරා ගනිමින්, ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් මිලියන 3000ක වාර්තාගත ලාභයක් සනිටුහන් කර ගැනීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

ත්‍යාග මුදල් වශයෙන් රුපියල් මිලියන 10,000කට ආසන්න මුදලක් සුපිරි ත්‍යාග ප්‍රථම, දෙවන, තෙවන ත්‍යාග හා සෙසු ත්‍යාග වශයෙන් 2022 වසරේදී සිය පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින්ද අලෙවි නියෝජිත කොමිස් මුදල් වශයෙන් රුපියල් මිලියන 3000 ට වැඩි මුදලක් ලබා දෙමින්ද රජය විසින් පනවන ලද සියලුම බදු වියදම් ලෙස රුපියල් මිලියන 837ක බදු මුදලක් රජය වෙත ලබා දෙමින් සහ මණ්ඩලයේ අනෙකුත් සියලු වියදම්ද දරමින් රු. මිලියන 3000ට වඩා වැඩි ලාභයක් සමගින් රු. මිලියන 19,000ක් ඉක්මවා යන පිරිවැටුමක් ලබා ගැනීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය හැකිවී ඇත.

රුපියල් මිලියන 3000ක අදාළ චෙක්පත ජනාධිපති අරමුදලට බැර කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාරදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක අජිත් ගුණරත්න නාරගල මහතා ඇතුළු නිලධාරීන් විසින් 2023.01.26 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම්, ඩබ්.ඒ. සරත් කුමාර මහතා ඇතුළු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කළමනාකාරිත්වය සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment