SLT Digital Services වර්ෂාවසාන පාරිභෝගික සම්මන්ත්‍රණයේදී ඩිජිටල් අවකාශය තුළ ව්‍යාපාර සාර්ථක කරගැනීම කෙරෙහි වැඩි අවධානයක්

35

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL අනුබද්ධිත SLT Digital Service (පුද්.) සමාගමේ SLT-DIGITAL වර්ෂාවසාන පාරිභෝගික සම්මන්ත්‍රණය පසුගියදා පැවැත්විණි. Connecting Businesses to Grow යන තේමාව යටතේ පැවති මෙහි මූලික අරමුණ වූයේ, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තම ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන්නා ආකාරය සම්බන්ධයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රය දැනුවත් කිරීමය.

මෙම සම්මන්ත්‍රණයට ව්‍යවසායකයන් සහ වෘත්තිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ. රටේ සංවර්ධනයට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මගින් ලැබෙන දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක්වූ අතර, ව්‍යාපාරවල දෛනික කටයුතු කාර්යක්ෂම ලෙස පවත්වාගැනීම සඳහා SLT Digital Services මගින් ලබාදෙන සේවා ඵලදායී ලෙස භාවිතා කරන ආකාරය මෙහිදී පෙන්වා දෙන ලදි.

ඩිජිටල් අවකාශය තුළ සාර්ථක වීමට අත්‍යවශ්‍ය වන විසඳුම් මාලාවක් SLT-DIGITAL වෙතින් ව්‍යාපාර වෙත හිමි වේ. විශිෂ්ට තලයේ මාර්ගගත ප්‍රවර්ධන වැඩසටහන්, ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය කිරීම, පාරිභෝගික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමේ විසඳුම් සහ ඉහළම තලයේ සම්බන්ධතා විසඳුම් මීට ඇතුළත් ය.

මෙම විසඳුම් සමගින් ලැබෙන අමතර ප්‍රතිලාභ වන ඩිජිටල් නාමාවලි සේවාව, ඩිජිටල් අලෙවිකරණය, නිර්මාණශීලී අන්තර්ගත, Automobile.lk ඩිජිටල් නාමාවලිය සහ FortArc Gaming වේදිකාව ආදිය ද මෙහිදී පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment