කොමර්ෂල් බැංකුව 5 වැනි වසරටත්, ශ්‍රී ලංකාවේ වඩාත් ඇගයීමට ලක් වූ සමාගම් 10 අතරට

86
2023 වඩාත් ඇගයීමට ලක් වූ සමාගම් සම්මාන උළෙලේදී, කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සම්මානය ලබා ගත් අවස්ථාව සේයාරුවෙන් දැක්වෙයි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සමාගම් 10 අතරට පත්වීමේ ගෞරවය නැවතත් හිමිකර ගෙන ඇත.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICCSL) සම්බන්ධීකරණය යටතේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සහ ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) විසින් මෙම සුවිශේෂී තෝරා ගැනීම සිදුකර ඇත.

ප්‍රමාණාත්මක සහ ගුණාත්මක කාර්ය සාධන දර්ශක දැඩි ඇගයීමකින් අනතුරුව, ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ මිණුම් ලකුණක් ලෙස සැලකෙන කොමර්ෂල් බැංකුව, මෙම සුවිශේෂී ලැයිස්තුවේ ශ්‍රේණිගත වූ පස්වන අවස්ථාව මෙයයි.

මෙම සුවිශේෂී උපහාරය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. “තිරසාර කාර්ය සාධනය සංස්ථාපිත ආයතනයක් කෙරෙහි ප්‍රසාදය ඇති කිරීමේ මූලික සාධකයක් වන අතර, හොඳ ආයතනික පුරවැසිභාවය, පාරිසරික සහ සමාජයීය වගකීම මෙන්ම සදාචාරාත්මක අනුකූලතාවය සහ පාරිභෝගික ප්‍රතිචාරයද ඊට සමානව වැදගත් වන බව අපගේ විශ්වාසයයි. මෙම අංශ කෙරෙහි කොමර්ෂල් බැංකුව විශේෂ අවධානයක් යොමු කරනවා. එබැවින් වඩාත් ඇගයීමට ලක් වු සමාගම් සම්මානය තුළින් ලැබෙන සහතිකය දිරියක් ලෙස අපි සලකනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment