කොමර්ෂල් බැංකුව 2024 LankaPay Technovation සම්මාන ප්‍රදානෝත්සවයේදී රන් සම්මාන තුනක් සහ රිදී සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින බැංකුවක් ලෙස තම ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත.

ඩිජිටල් ගෙවීම් විශිෂ්ඨතාව සඳහා සමස්ථ රිදී සම්මානයත්, වසරේ හොඳම නව්‍ය බැංකුව, පාරිභෝගික ගෙවීම් සඳහා හොඳම බැංකුව සහ ලංකා QR තුළින් පාරිභෝගික බැංකු ගෙවීම් කටයුතු සඳහා භාවිතා කරන හොඳම ජංගම දුරකථන අයදුම යන අංශ සඳහා රන් සම්මාන දිනා ගැනීමට බැංකුව සමත් විය. ඊට අමතරව වසරේ හොඳම ලංකාපේ කාඩ්පත් ක්‍රියාත්මක කරන්නා යන අංශය සඳහා සමස්ථ රිදී සම්මානයද දිනා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment