ගොන්කම සමාජගත කිරීම – (බූරු අභිමානයෙන් මී හරක් අභිමානයට)

1420

ඊයේ අප මේ තීරුව ඔස්සේ කතා කළේ බූරුවන් සහ මී හරකුන් පිරිසක් විසින් සංවිධානය කරන ලද stand up කොමඩි නමැති යුරෝපීය ප්‍රහසන සම්ප්‍රදායේ local කොපියක් නිසා දැනට පැන නැගී ඇති අවුලක් ගැනය. මෙහිදී නතාෂා එදිරිසූරිය නමැති තරුණ කාන්තාවක් සිදුහත් කුමාරයාටද ලංකාවේ බාලිකා පාසල්වලටද අපහාස කරමින් ප්‍රහසනාංගයක් ඉදිරිපත් කළාය. ඇය සිදුහත් කුමරුට සහ බාලිකා පාසල්වලට අපහාස කිරීම සඳහා යොදාගත්තේ කොළඹ පිහිටි ප්‍රකට කතෝලික බාලිකා පාසලක ශ්‍රවණාගාරයයි. නැති ලෙඩ දමන රෝගීන්ට මෙවැනි බාලිකා පාසල්වල ශ්‍රවණාගාර ලැබ දීම ගැන මෙම බාලිකා පාසල්වල පාලක මණ්ඩල මීට වඩා පරෙස්සමෙන් කටයුතු කළ යුතුව ඇත. ඉහත සඳහන් ප්‍රහසනයේ නම ‘මෝඩාභිමානය’ වේ. එම ‘මෝඩාභිමානය’ මංජු නිස්සංක නමැති පුද්ගලයකුට අයත් කලම්බු කොමඩි සෙන්ට්‍රල් නමැති ආයතනයට අයත් දේපළකි. SL VLOGS නමැති යූ ටියුබ් නාලිකාවද මෝඩාභිමානය කට්ටියටම අයත්ය. SL VLOGS හි අන්තර්ගතය දෙස බැලීමෙන් එය වඩාත් පැහැදිලි වේ. ෆේස්බුක් සහ යූ ටියුබ් නිසා සත්තු වත්තේ සිටින සියලුම සත්තු මාධ්‍යවේදීන් බවට පත්වූහ. ඉන් කිහිපදෙනෙක් කූඩු වලින් එළියට පැනගෙන සිටිති. කලම්බු කොමඩි සෙන්ට්‍රල්හි අනෙක් හාදයා වන්නේ හසලක තුෂාරය. ඔහුගේ කොන්ඩේ භාගයක් කොල පාට අතර ඉතිරි භාගය කළු පාටය. මේ Team එකේ සිටින තවත් හාදයෙක් දන්තධාතූන් වහන්සේ හාස්‍යයට ලක් කරමින් කළ කතාවක්ද යූ ටියුබ් එකේ ඇත. ඔවුහු හිරිමල් විය පසුවන උඩ පනින නටන දඟලන කොලුවකුට දන්තධාතූන් වහන්සේ සමාන කොට තිබේ. මේවා බැලීමට එන කට්ටිය උඩ පැන පැන සිනාසෙති. ඒ සියලුම දෙනා කොළඹ නාගරික සමාජයට අයත් බාගෙට ඉංග්‍රීසි කතා කරන, සිංහලෙන් හිතන ප්‍රංශයේ ගණිකා නිවාසවල විදිහට ආදරේ කරන අය බව බැලූ බැල්මට පෙනේ.

ශ්‍රී ලංකාව තුළ කිසිදු ආගමික භේදයක් නැත. 70% ට වඩා බෞද්ධයන්ද ඉතුරු 30% ම අන්‍ය ආගමිකයන්ටද කැපවුණු මේ රටේ මේ වනවිට ජාතිභේදයක්ද නැත. හැබැයි රට අස්ථාවර කර හිඟමනට පත්කිරීමට කොන්ත්‍රාත්තුවක් භාරගෙන සිටින පිරිසක් ජාති සහ ආගම් භේද පැතිරවීමට උත්සාහ කරන බව පෙනේ. හැබැයි පසුගිය කාලයේදී මතභේදයට තුඩු දුන් born again සංකල්පයට අයත් ආගමික සංවිධාන වල ක්‍රියාකාරකම්ද, පාස්ටර් ජෙරම්ගේ විවේචනයද, මෝඩාභිමානයද, රාජාංගනේ සාධු ලෙස හැඳින්වෙන භික්ෂු ප්‍රතිරූපක කුණුහරුප දඩෝරියාගේ යූ ටියුබ් කුණුහරුපද එකම සංවිධානයක ක්‍රියාකාරකම් නොව වෙන් වෙන් වශයෙන් කරන ලද හරක් වැඩය. මෙහි ඇති භයානකකම වන්නේ මේ සියලු හරක් වැඩ එකතුකර පාවිච්චි කිරීමෙන් ආගමික සහ ජාතික සංහිඳියාවට කෙලවීමට යම් යම් කණ්ඩායම්වලට හැකියාව ලැබීමය. යූ ටියුබ් එක හරහා වනචර දේශනා පවත්වන ආගමික ප්‍රතිරූපකයෝ මේ දිනවල විශාල වශයෙන් සිටිති. භික්ෂු ප්‍රතිරූපකයෝ හය හත් දෙනෙක්ම කුණුහරුප කියති. මේ අතරින් භයානකම තැනැත්තා රාජාංගනේ දඩෝරියාය. චීවරයක් දමාගෙන කුණුහරුප කියනවාට වඩා නිරුවතින් කුණුහරුප කීම මේ භික්ෂු ප්‍රතිරූපකයාට ගැළපේ. ඔහු ඉතා නීච ලෙසත් ගොරහැඩි ලෙසත් මව්වරුන් පාවා දෙමින් වලත්ත කතා කියයි. මේ වලත්තයා නියෝජනය කරන නිකාය කුමක්ද? එහි මහා නායක කවුද? මේ කුණුහරුප දඩෝරියාගේ කුණුහරුප වෙනත් භාෂාවලට පරිවර්තනය කරගෙන නරඹන යුරෝපීයයෝ මේ රටේ පරම පූජනීය සංඝ සමාජය තුට්ටු දෙකේ මෝඩ කාමාතුරයන් ලෙස සලකති. නිතර කුණුහරුප කීම මානසික රෝගයකි. මෙවැනි රෝගීන්ට ඔවුන්ගේ රෝගී ස්වභාවයවත් නොසලකා කටට ලෝ දිය වත් කිරීම අපායේදී සිදුකෙරේ. ඒ පරලොව වශයෙනි. මෙලොව වශයෙන් කළ යුත්තේ මෙවැනි දඩෝරියන්ගේ දේපළ අහිමි කර ඔවුන් උපැවිදි කර පලවා හැරීමය. නතාෂාට වඩා පාස්ටර් ජෙරම්ට වඩා ලොකු හානියක් භික්ෂු ප්‍රතිරූපකයන් විසින් අපේ ශාසනයට කරමින් සිටී. කාරක සංඝ සභා විසින් ඔවුන් ගැන පියවර ගන්නා බවක් නොපෙනේ. එහෙත් එබැවින් ඔවුන්ට එරෙහිව සිවිල් නීතිය ක්‍රියාත්මක විය යුතුය.

සේපාල් අමරසිංහ දළදා වහන්සේට නිග්‍රහ කරන ලද අවස්ථාවේදී ඔහු වහාම කුදලාගෙන ගොස් කූඩුවට දමන ලදී. සේපාල් රිමාන්ඩ් කූඩුවට වී මාස කිහිපයක් පරිප්පු කා උසාවියේදී සමාව ඉල්ලා එළියට පැමිණ සිය යූ ටියුබ් නාලිකාවෙන්ද ජනතාව අමතා සමාව ඉල්ලා සිටියේය. සේපාල්ට එවැනි පරිප්පුවක් දුන්නා නම් සේපාල්ට පෙරද පසුද ක්‍රියාත්මක වූ සියලු ආගමික ප්‍රතිරූපකයන්ට විරුද්ධව රජය ක්‍රියා කළ යුතුය. රාජාංගනේ දඩෝරියා අවුරුද්දක් කුණුහරුප කියන තුරුත් ආණ්ඩුව බලා සිටියේය. එවැනි ඉවසීමකින් රාජ්‍ය පාලනයේදී කළ හැකි මඟුලක් නැත.

ස්ථාපිතයන්ට පහරදීම නමැති විලාසිතාවක් පසුගිය ශත වර්ෂයේදී යුරෝපයේ පැතිරිණ. ලෝක ඉතිහාසයට බුද්ධිමතුන් කළ 99% ක සේවය නොසලකා ඔවුන් කළ එකම එක වැරැද්ද හුවා දක්වමින් එම පුද්ගලයන්ට පහර දීම එම න්‍යායේ සිරිතය. මෙය පශ්චාත් නූතනවාදී න්‍යායක් ලෙසද සැලකේ. අයින්ස්ටයින් ඉදිරිපත් කළ සාපේක්ෂතාවාදය පැත්තකට දමා ඔහු විසින් කියන ලද බොරු මොනවාදැයි සෙවීමත් කාල් මාක්ස්ට බිරින්දෑවරුන් කී දෙනකු සිටියාදැයි සෙවීමත් හේගල් ගෙදර සේවිකාවට දරුවකු දී පලා ගියේද යන්නත් පයිතගරස්ගේ යුගයේදී ග්‍රීක සමාජයේ තිබූ සමලිංගික සම්බන්ධකම්වලට ඔහුද මැදිවූයේද යන්න සෙවීමත් ස්ථාපිතයන්ට පහර දීමේදී ආයුධ ලෙස යොදාගනු ලැබේ. මෝඩාභිමානය ඇතුළු මී හරක් ප්‍රහසන මගින්ද ආගමික ඇදහිලිවලට පහරදීම මගින්ද ස්ථාපිතයන්ට පහරදීමේ ක්‍රියාවලිය මේ දිනවල ඉතා වේගයෙන් පැතිර යමින් පවතී. ගැලීලියෝට පෙර මෙලොව සිටි විද්වතුන් කියන ලද්දේ සූර්යයා වටා පෘතුවිය නොව පෘතුවිය වටා සූර්යයා භ්‍රමණය වූ බවකි. එය ස්ථාපිතයකි. ගැලීලියෝ මේ ස්ථාපිතයට පහර දී, සිදුවන්නේ එය නොව සූර්යයා වටා පෘතුවිය පරිභ්‍රමණය වීම බව කීවේය. එවිට පෙර ස්ථාපිතයෙහි එල්ලී සිටි යුරෝපීය බුද්ධිමත්හු ගැලීලියෝ මරාගෙන කන්නට සූදානම් වූහ. එහෙත් ගැලීලියෝ කියා තිබුණේ ඇත්තකි. ස්ථාපිතවලට පහරදීමේ ගැලීලියෝ ගේ ක්‍රමය තුළ ඇත්තේ සත්‍යය පැහැදිලි කර දීමය. අපේ රටේ ඇත්තේ ගොන්කම සමාජගත කිරීමය.

advertistmentadvertistment
advertistmentadvertistment