හුරුලු‍ රක්ෂිතයේ හක්කපටස් අටවමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට – හක්කපටස් 16ක් ළඟ තිබිලා

206

කහටගස්දිගිලිය හුරුලු‍ රක්ෂිතයේ මායිමේ සතුන් දඩයම් කිරීම සදහා අටවාතිබූ හක්කපටස් 16ක් සමග සැකකරුවන් දෙදෙනෙකු කහටගස්දිගිලිය වනජීවී නිලධාරීන් විසින්

පසුගියදා (25) අත්අඩංගුවට ගෙන ඇත. මෙය මෙතෙක් මෙරට තුළදී එකවර අත්අඩංගුවට ගත් විශාලම හක්ක පටස් ප්‍රමානය බව වනජීවී නිලධාරින් කියයි .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝන්වැව මහපොතාන සහ දෙමටවැව පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුය.

කලක පටන් මෙම ප්‍රදේශයේ සිදුවන හක්කපටස් කෑමෙන් මියගිය වන අලි ප්‍රමානය වැඩිවීමත් සමග කහටගස්දිගිලිය වන ජීවී නිලධාරින් විසින් මසක පමණ කාලයක සිට සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම හක්කපටස් තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව ඇත. පසුගිය වසර තුළ මෙරට වනඅලි මරණ 87ක් සිදුව ඇති අතර ඉන් 20ක් හක්කපටස් යෙදු ආහාර ආහාරයට

ගැනීමෙන් සිදුව ඇති බව වන ජීවී නිලධාරිහු පවසති. මෙම හක්කපටස් අටවමින් සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රථම වතාවත් එකවර මෙවැනි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් ප්‍රථම වතාවත් මෙය වනබව වනජීවී නිලධාරීන් පවසති.
මැදවච්චිය-ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment