ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය – පළමු දින දෙකේ තරග වාර්තා 6ක්

137

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මක 91 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනය (14 වැනිදා) නිමා වන විට නව තරග වාර්තා 06 ක් බිහි වූයේය.

අඹගමුව මධ්‍ය මහ විදුහල නියෝජනය කළ අයොමාල් අකලංක (අවුරුදු 18 න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීම තත්.51.85 කින් නිම කරමින් ද, කහවත්ත මධ්‍ය මහ විදුහල නියෝජනය කළ කේ. එම්. යසිරු අවුරුදු 18 න් පහළ තුන් පිම්ම මීටර් 16.99 ක් වාර්තා කරමින් සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ටී. මෙන්ඩිස් අවුරුදු 16 න් පහළ උස පැනීම : මීටර් 2.00 ක් වාර්තා කරමින් බාලක තරග ඉසව් අංශයේ වාර්තා පිහිටුවූහ.

බාලිකාවන් අතරේ කැපී පෙනෙමින් නව තරග වාර්තා බිහි කිරීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩී. ප්‍රනාන්දු (අවුරුදු 16 න් පහළ මීටර් 200 තත්: 25.61 ) , ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ එම්. ජී. ටී. ඒ. ප්‍රේමසිරි (අවුරුදු 16 න් පහළ මීටර් 800 – මිනිත්තු 2.14.02) සහ අඹගමුව මධ්‍ය මහ විදුහලේ යූ. එම්. එස්. හිමාෂිනී (අවුරුදු 16 න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීම : මිනිත්තු 1.05.3 ) සමත් වූහ.

අද (15 වැනිදා) තරගාවලියේ තෙවැනි දිනයයි.

ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග ශූරතා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය - පළමු දින දෙකේ තරග වාර්තා 6ක්

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment