කොළඹ හමීඩ් අල් හුසේයිනී – යාපනය ශාන්ත පැට්රික් – කොළඹ සහිරා – කොළඹ ශාන්ත ජෝශප් විදුහල් අවසන් පූර්ව වටයට

30

සමස්ත ලංකා අන්තර් පාසල් ජාතික පාපන්දු තරගාවලිය

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මෙහෙයවූ වයස අවුරුදු 18 න් පහළ “ඒ” කාණ්ඩයේ සමස්ත ලංකා අන්තර් පාසල් ජාතික පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගවලදී කොළඹ හමීඩ් අල් හුසේයිනී, යාපනය ශාන්ත පැට්රික්, කොළඹ සහිරා සහ කොළඹ ශාන්ත ජෝශප් යන විදුහල් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූයේය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී එම අර්ධ අවසන් පූර්ව තරඟ පැවැත්විණි.

එහිදී පැවති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී කළුතර මුස්ලිම් මධ්‍ය විද්‍යාලය පරදවා යාපනය ශාන්ත පැටි්‍රක් විද්‍යාලය ගෝල 3 – 0 ජයක් සහ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී යාපනය ශාන්ත හෙන්රි විද්‍යාලය පරදවා කොළඹ හමීඩ් අල් හුසේයිනී විදුහල ගෝල 2 – 0 ජයක් අත් කර ගත්හ.

තෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය පරදවා කොළඹ සහිරා විදුහල ගෝල 1-0 ක තියුණු ජයක් සහ 4 වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී මීගමුව ශාන්ත මරියා විද්‍යාලය පරදවා කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ජය අත් කර ගත්හ.

එම තරගයේදී තරග කාලසීමාව තුළ කණ්ඩායම් දෙකම ගෝල 3 -3 බැගින් සම තත්ත්වයට පත්වීම නිසා දඬුවම් පහරවලින් 3 – 1 ලබා ගනිමින් කොළඹ ශාන්ත ජෝශප් විදුහල ජය හිමි කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

හැඳල – ජේ. ස්ටැනිස්ලස් පයස්

advertistmentadvertistment
advertistmentadvertistment