ඉන්ධන ආනයන වියදම 19.2%කින් පහළට

516

ඉන්ධන ආනයන වියදම ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ (2024) ජනවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 417.5 දක්වා සියයට 19.2 කින් පහත වැටී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව 2023 වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව 2024 වර්ෂයේ ජනවාරි මාසයේ දී බොරතෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 133.6 දක්වා සියයට 6.5කින්, පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 245.3 දක්වා සියයට 14.6කින් ද ගල්අඟුරු ආනයන වියදම ඩොලර් මිලියන 38.5 දක්වා සියයට 55.4කින් පහත වැටී ඇති බව ද ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් ය.

2023 වර්ෂයේ ජනවාරි මාසයේ ඉන්ධන ආනයනය කිරීම සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 516.5 කි. ජල විදුලි උත්පාදනය ඉහළ යෑම ඉන්ධන ආනයන වියදම පහත වැටීම සඳහා යම් දුරකට හේතු වී ඇති බව ද මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment