දින 4 ක් ඇතුළත බස් ගාස්තු නගී – රාජ්‍ය ඇමැති දිලුම් එකගයි

221

* බස් ගාස්තු වැඩිවීමක් එපා ඉන්ධන සහනය දෙන්න –  සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීමට ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා එකඟත්වය පළ කර ඇත.

දින හතරක් ඇතුළත බස් ගාස්තු සංශෝධනය කළ යුතු ප‍්‍රමාණය දක්වන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට දැනුම් දී තිබේ.

ඇමැතිවරයා හා බස් සමාගම් අතර සාකච්ඡුාව ඊයේ ප‍්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඉන්ධන මිල ඉහළ යෑමත් සමගම බස් කර්මාන්තය ගැටලූ රැුසකට මුහුණපා ඇති බව ඇමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේය.

බස් රථ හිමියන් ද රටේ තත්ත්වය තේරුම් ගත යුතු යැයි ඔහු පවසා සිටියේය. කෙසේ නමුත් මේ සාකච්ඡුාවට එක් නොවූ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය පවසන්නේ ගාස්තු වැඩිවීමක් නොව ඉන්ධන සහනාධාරයක් ලබා දිය යුතු බවයි.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment