ලොව වේගවත්ම මිනිසා ලෝක කුසලාන සන්නාම තානාපති වෙයි

171

2024 පන්දු වාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස ඔලිම්පික් ශූර ජැමයිකාවේ උසේන් බෝල්ට් පත් කර ඇත.

ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන උසේන් බෝල්ට් ඔලිම්පික් රන් පදක්කම් 8කට හිමිකම් කියයි.

2024 පන්දු වාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතය.

ලෝක කුසලාන තරගාවලියේ සන්නාම තානාපතිවරයකු ලෙස තමන්ව පත් කිරීම සම්බන්ධයෙන් උසේන් බෝල්ට් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර තිබුණි.

“ඉදිරි අයිසීසී පිරිමි පන්දු වාර 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා තානාපතිවරයකු වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ක්‍රිකට් ජීවිතයේ කොටසක් වන කැරිබියන් දූපත්වලින් පැමිණි මගේ හදවතේ ක්‍රීඩාවට සෑමවිටම විශේෂ ස්ථානයක් හිමි වී තිබෙනවා. ගෝලීය වශයෙන් ක්‍රිකට් වර්ධනයට දායක වීමට මම බලාපොරොත්තු වෙනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment