ක්‍ෂය රෝගීහු දෙදෙනෙක් දිනපතා ම මියයති

119

මෙරටින් හඳුනාගනු ලබන ක්ෂය රෝගීන්ගෙන් දෙදෙනකු දිනපතා මිය යන බව අනාවරණය වී ඇතැයි ජාතික ක්ෂය රෝග මර්දන ව්‍යාපාරය පවසයි.

මෙරට බෝවන රෝග අතුරින් වැඩි ම මරණ සංඛ්‍යාවක් වාර්තා වනුයේ ක්ෂය රෝගයට ගොදුරු වූවන්ගෙන් වන, බවත් ඉකුත් 2023 වසරේ දී මෙරටින් ක්ෂය රෝගීන් 9358 දෙනෙකු වාර්තා වූ බවත් එම ව්‍යාපාරය කියයි.

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ම ක්ෂය රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත්, එයින් වැඩි පිරිසක් කෙළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් වෛද්‍ය අංශ පවසයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් බහුතරය කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වන, බවත් අනාවරණය, වී තිබේ. වෛද්‍යවරුන්ට අනුව සති දෙකකට වඩා පවතින කැස්ස, සවසට හටගන්නා මද උණ, ශරීරයේ බර අඩු වීම, කෑම අරුචිය, රාත්‍රියට අධික ලෙස දහදිය දැමීම, අධික තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුව, සෙම සමග රැධිරය පිටවීම, ආදිය පෙනහලුගත ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වෙයි.

ක්ෂය රෝගය සඳහා පරීක්ෂණයන් ලංකාවේ සියලු ම දිස්ත්‍රික් ළය සායනයන්ගෙන් සහ රජයේ සෞඛ්‍ය ආයතනයන්ගෙන් නොමිලේ සිදු කරවා ගතහැකි බවත් වෛද්‍ය උපදෙස් පරිදි නිසි ප්‍රතිකාර නිසි කාල සීමාවේ දී ලබාගැනීම මගින් රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවත් ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය කීවාය.

‘ඔව් අපට ක්ෂය රෝගය තුරන් කළ හැක’ යන්න තේමාව කරගත් ලෝක ක්ෂය රෝග දිනය මෙම මස 24 වැනිදා ට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් ඊයේ (13 දා) කොළඹ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී මෙම තොරතුරු අනාවරණය විය.

මන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment