ක්‍ෂණික කෑම නිසා දියවැඩියා – හෘදයාබාධ මරණ 220ක්

110

කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක ඉරේෂා දේශානි

බොහෝ දෙනකු ක්‍ෂණික ආහාර රටාවට හුරුවීම නිසා ගතවූ මාස දෙක ඇතුළත දියවැඩියාව සහ හෘදයාබාධ හේතුවෙන් පුද්ගලයන් 220 දෙනකු පමණ මරුමුවට පත්වී ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

මෙලෙස වැඩියෙන්ම මියගොස් ඇත්තේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පදිංචි අවුරුදු 45ත් 55ත් අතර වයසේ පසුවන්නන් බවද ඇය කියා සිටියාය.

ගතවූ කාලයේදී කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් බොහෝදෙනකු ක්‍ෂණික ආහාර වන නූඩ්ලස්, ෆ්‍රයිඩ් රයිස් ඇතුළු ආහාර ලබාගැනීම මෙම මරණ බොහෝමයකට ම බලපා ඇතැයි ද ඇය කියා සිටියාය.

සිදුකළ නිරීක්‍ෂණයට අනුව ගතවූ මාස 2 තුළ සියයට 40ක පුද්ගලයන් පිරිසක් මියගොස් ඇත්තේ ක්‍ෂණික ආහාර රටාව හේතුවෙන් බවද ඇය කීවාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment