විභාගය සමත් වීමේ සතුටට මිතුරන්ට සංග්‍රහයක් දුන් සිසුවා නින්දේදීම ජීවිතක්‍ෂයට

15790

උසස් පෙළ විභාගය සමත් වූ වැල්ලව සිසුවකු සිය සතුටට මිතුරන්ට තේ පැන් සංග්‍රහයක් දී නිදි යහනේදීම මරණයට පත්වූ ශෝකජනක පුවතක් වැල්ලවින් වාර්තා වේ.

මෙසේ කනගාටුදායක ලෙස ඉකුත් 07 දා මියගියේ වැල්ලව රණවන ග්‍රාමයේ පදිංචි මනුජය හංසමාල් නමැති 21 හැවිරිදි තරුණයෙකි. මරණයට පත් සිසු දරුවා කුරුණෑගල මලියදේව විදුහලේ වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලබමින් පසුගිය උසස්පෙළ විභාගයට මුහුණ දී ඇත. ඒ අතරතුර කුරුණෑගල මහජන බැංකුවේ පුහුණුව ලබමින් ද සිට ඇත. මේ අතරතුර පසුගියදා උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ අතර ඔහු ‘බී’ සාමාර්ථ 3 ක් ලබා ඇත.

මෙයින් සතුටට පත්වූ ඔහු මිතුරන් පිරිසකට තේ පැන් සංග්‍රහයක් දී ඉකුත් 06 දා රාත්‍රියේ නින්දට ගොස් ඇත. පසුදින උදයේ සිරිත් පරිදි සිසුවා අවදි නොවීම නිසා දෙමාපියන් විපරම් කර බැලීමේ දී ඔහු නිදි යහනේ දීම මරණයට පත්ව ඇත.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සේනානායක මහතා මරණ පරීක්‍ෂණය සිදුු කළ අතර වැල්ලව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් අමරසිංහ මහතා සාක්‍ෂි විමසන ලදී.
වැල්ලව – අර්වින් රෝයි සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment