බැසිල් එයි

341

‘මන්ත්‍රීවරුන්ට ගමට ගිහින් ඡන්දෙ ගන්න රාජපක්‍ෂලා ඕනෑ’ – සනත් නිශාන්ත

මීට මාසයකට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගිය හිටපු අමාත්‍ය, පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (20 දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

බැසිල් රාජපක්ෂ මහතා ඊයේ උදෑසන 08.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඒ මහතා පිළිගැනීමට රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, එස්. එම්. චන්ද්‍රසේන, ප්‍රසන්න රණවීර, පියල් නිශාන්ත යන මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි සනත් නිශාන්ත අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ බැසිල් රාජපක්‍ෂ මහතාගේ පැමිණීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“බැසිල් රාජපක්ෂ මහතා පක්ෂය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා පැමිණ තිබෙනවා. ඔහුගේ පැමිණීම පක්ෂයට ශක්තියක්. මන්ත්‍රීවරුන්ට ගමට ගිහින් ඡන්දෙ ගන්න රාජපක්ෂවරුන් අවශ්‍යයි”

ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment