ඩයලොග් සමාගම දකුණු ආසියාවේ ප්‍රථම වරට mmWave 5G අත්හදාබැලීම සාර්ථකව සිදුකරයි

76

2018 වසරේදී 5G සේවාව දියත් කළ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විදුලි සංදේශ සේවා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම දකුණු ආසියානු කලාපය තුළ ප්‍රථමවරට mmWave 5G අත්හදා බැලීම සාර්ථකව සිදුකිරීමට සමත්ව ඇත.

Non-standalone (NSA) ක්‍රමයෙන් 4Gbps ඉක්මවූ 5G ඩවුන්ලෝඩ් වේගයක් ළඟා කර ගැනීමට ඩයලොග් සමාගම සමත්ව තිබෙන අතර, mmWave සමඟ වත්මන් ප්‍රමිතීන් අභිබවා යෑමට හැකිවනු ඇත. mmWave ඉහළ සංඛ්‍යාත පරාසයන් තුළ ක්‍රියා කරන බැවින් පුළුල් bandwidth එකක් සහ ඉහළ ධාරිතාවයක් සමඟ පරිශීලකයින්ට අතිශය වේගවත් අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් වේගයක් සහිත 5G ප්‍රතිලාභ ලබාගැනීමට හැකිවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, “mmWave 5G සමඟ ලෝකය සමඟ ඉදිරියට යමින්, දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ඉහළ සබඳතා අත්දැකීමක් ලබාදෙමින්, ‘අනාගතය අදයි’ යන අපේ සන්නාමයේ ප්‍රධාන තේමාව පාරිභෝගිකයන්ට සහ හිතවත් ව්‍යාපාරික පාර්ශ්වයන්ට තවදුරටත් තහවුරු කරන්නට හැකිවීම ගැන අපි අතිශයින්ම සතුටු වෙනවා. මේ සාර්ථක අත්හදා බැලීමත් සමඟ අපි ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සමත් වුණා. අපගේ ජාලය mmWave වැනි ඉහළම තාක්ෂණයකින් බලගන්වමින්, අපේ රටට නවෝත්පාදන සහ අසීමිත අවස්ථාවන්ට ඉඩ විවරකර දෙන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment