ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලු‍ත්ගම මහතා

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2023 වසර සඳහා රු. බි. 10.6 ක බදුපෙර ලාභයක් සහ රු. බි. 44.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික ආදායම් අගයක් වාර්තා කරයි. මෙය 7%ක සමස්ත වර්ධනයකි. 2023 දෙසැම්බර් 31 වන දිනට, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ජිවිත රක්ෂණ වාරික ආදායම රු. බි. 21 ක් සහ සාමාන්‍ය රක්ෂණ වාරික ආදායම රු. බි. 23.4 ක් ලෙස වාර්තා වේ.

පාරිභෝගිකයන් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2023 වසර සඳහා හිමිකම් සහ කල්පිරීම් ප්‍රතිලාභ ලෙස රු. බි. 27.6 ක් වාර්තා කර ඇති අතර මීට අමතරව 2023 වසරේ දී රු. බි. 10.4 ක දැවැන්ත ජිවිත රක්ෂණ බෝනස් දීමනාවක්ද ලබා දීමට සමත් විය.

තවද, රටේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතනය ලෙස තම ස්ථානය තහවුරු කරගනිමින් වසර ගණනාවක් පුරා සිය වත්කම් පදනම සහ ජීවිත අරමුදල අඛණ්ඩව ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත් වී ඇත. මෙම වසරේදී සිය වත්කම් රු. බි. 313.3 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් වු අතර ජිවිත අරමුදල රු. බි. 180.8 ක් දක්වා වර්ධනය කරගන්නා ලදී. ආයතනය තුළ සිදු වූ විවිධ වෙනස්කම් මධ්‍යයේ සහ රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික හා සමාජීය තත්ත්වයන් හමුවේ මෙම සියලු‍ ජයග්‍රහණ ලැබීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත් වීම විශේෂත්වයකි. එසේම අඛණ්ඩව 5 වැනි වසරටත් තම වෙළඳපොල ස්ථානය තහවුරු කර ගනිමින් 2023 වසර අවසානයේ දී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වෙමින් රු. බි. 10 ක හිමිකම් ගෙවීමක් සහ මුළු රක්ෂණ වාරික ආදායම රු. බි. 13.5 ක් ලෙස වාර්තා කරමින්, 21% ක තම වෙළඳපල කොටස සුරක්ෂිත කරගැනීමට සමත් විය. මෙය 6% ක වර්ධනයක් වන අතර එය මෝටර් රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධන සාමාන්‍ය වන 0.5% ට වඩා 10 ගුණයකට වැඩි වේගවත් වර්ධනයක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment