කොමර්ෂල් බැංකුවට 2023 Daraz ගෙවීම් සහකරු සම්මාන උළෙලේදී ඉහළ සම්මාන දෙකක්

72
Daraz ශ්‍රී ලංකා හි ගෙවීම් හා හවුල්කාරීත්ව අංශයේ ප්‍රධානී දුලීක ජයමාන්න මහතා, Daraz ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ බාර්ට් වැන් ඩයික් මහතා, කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු කාලිංග දිවාරත්න මහතා, කාඩ්පත් මධ්‍යස්ථානයේ විධායක නිළධාරී අවිනාශ් ප්‍රනාන්දු මහතා සහ කාඩ්පත් මධ්‍යස්ථානයේ විධායක නිළධාරී විශාන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ දී කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මහතා සම්මානය ලබාගත් ආකාරය.

දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz හි 2023 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ඉහළ සම්මාන දෙකක් දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී හොඳම ඩෙබිට් කාඩ්පත් පදනම ලෙසද ඇගයීමට පත්ව ඇත. මෙම සම්මාන දෙක දිනාගත් එකම බැංකුව කොමර්ෂල් බැංකුව විය.

Daraz ඊ-වාණිජ්‍ය වේදිකාවේ ක්‍රියාකාරීව සිටින වැඩිම ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් බිහි කර ඇති කාඩ්පත් පදනම සඳහා ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ සම්මානය පිරිනමන ලදී. තම ශක්තිමත් පාරිභෝගික සහභාගීත්වය හා Daraz ගනුදෙනුකරුවන් අතර ජනප්‍රියත්වය පෙන්නුම් කරමින් වසර හතරක් පුරා අඛණ්ඩව මෙම සම්මානය දිනාගත් එකම ශ්‍රී ලංකීය බැංකුව කොමර්ෂල් බැංකුවයි. තවද, හොඳම ඩෙබිට් කාඩ්පත් පදනම සඳහා වන සම්මානය හිමිවන්නේ වැඩිම ගෙවීම් පරිමාවක් සහ ගනුදෙනු සංඛ්‍යාවක් ජනනය කළ ඩෙබිට් කාඩ්පත් පදනම සඳහා යි. මාර්ගගත ක්‍රමයට වෙළඳ ගනුදෙනු කිරීමේදී කොමර්ෂල් ඩෙබිට් කාඩ්පත්වලට ඇති දිනෙන් දින ඉහළ යන ජනප්‍රියතාවය සහ ගනුදෙනුකරුවන්ට ලබාදෙන පහසුව හා ආරක්ෂාව පිළිබඳව මෙම සම්මානය සාක්ෂියක් වන බව බැංකුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment