තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩියට පිහිනන්න ගිය ඉන්දියානුවා මරුට

554

තලෙයිමන්නාරමේ සිට ධනුස්කොඩි අරිචල් දූපත දක්වා පිහිනා වාර්තාවක් තැබීමට සූදානම් වූ කණ්ඩායමක සිටි එක් ඉන්දීය ජාතිකයකු පෙරේදා (23 දා) මුහුද මැදදී මියගොස් තිබේ.

ඔහු මියගොස් ඇත්තේ පිහිනමින් සිටියදී හදිසියේම ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බව රාමේස්වරන් රෝහලේ වෛද්‍යවරු නිගමනය කොට තිබේ.

ඉන්දියාවේ එක් පිහිණුම් සමාජයක සාමාජිකයන් 31 දෙනකු ඉන්දීය රජයේ හා ශ්‍රී ලංකා රජයේ අවසරයන් මත තලෙයිමන්නාරමේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා ධනුස්කොඩිය දක්වා පිහිනා වාර්තාවක් තැබීමේ අරමුණින් ඔවුන් ඉන්දියාවේ සිට තලෙයිමන්නාරමට පිහිනා ඇත. පසුව ආපසු ඉන්දියාව දක්වා පිහිනමින් සිටියදී කණ්ඩායමේ එක් අයකු මෙසේ මියගොස් ඇත.

පිහිනමින් සිටියදී රෝගී වූ පුද්ගලයා බෝට්ටුවක් ආධාරයෙන් රාමේස්වරන් රෝහල වෙත ගෙන ගොස් ඇතත් ඔහු ඒ වනවිට මියගොස් සිටි බව වෛද්‍යවරු සනාථ කොට තිබේ.

මියගොස් ඇත්තේ බැංගලෝරයේ ගෝපාල් රාඕ (78) නමැති අයෙකි. රාමේස්වරන් පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment