හොරෙන් ගෙන්වූ වාහන 112ක් අත්අඩංගුවට – වටිනාකම කෝටි 700යි

146

නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථවාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බව ඇමැතිවරයා සඳහන් කරයි.

වර්ෂ 2015 සිට 2022 දක්වා විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථවාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

මෙම රථවාහන දැනට භාවිතා කරන පුද්ගලයන්ගෙන් රැගෙන රාජසන්තක කිරීමට නියමිතය. රථවාහන මිල දී ගැනීමේ දී ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ආනයනය කර තිබේ ද යන්න සොයා බැලීම මිල දී ගන්නා පාර්ශ්වවල වගකීම බව ද ඇමැතිවරයා කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment