කෝටි 1500 ක කුඩු අත්අඩංගුවට

371

ගෙවී ගිය මාස 10ක කාලසීමාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද වැටලීම්වලින් රුපියල් කෝටි 1500කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් තොග අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

රට අභ්‍යන්තරයේ සිට අවට මුහුද සීමාවේදී සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් හෙරොයින් ප‍්‍රමාණය ටොන් එකයි කිලෝ 400කට ආසන්න බව මත්ද්‍රව්‍ය නාශක අංශ ආරංචි මාර්ග පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් විශේෂ කාර්ය බළකාය, සංවිධානාත්මක අපරාධ ඒකකය සහ රටේ සියලූම පොලිස් ස්ථාන මගින් සිදුකරන ලද වැටලීම්වලින් මෙම හෙරොයින් තොග අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

මෙහිදී ජාත්‍යන්තර මුහුද ඔස්සේ ධීවර යාත‍්‍රාවලින් මෙරටට රැුගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග‍්‍රෑම් 508ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව සමත් වී තිබිණි.

ශී‍්‍ර ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව නැෙඟනහිර මුහුදේ කළ වැටලීමකදී තවත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 507 ක් මීට මාසයකට පමණ උඩදී අත්අඩංගුවට ගත්තේය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී ඇති සැකකරුවන් සංඛ්‍යාව 19137 ක් බව ද මත්ද්‍රව්‍ය නාශක ආරංචි මාර්ග පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment