ඔන්චිල්ලාවේ ලණුවට ගෙල සිරවී දස හැවිරිදි දරුවා ජීවිතක්ෂයට

158

මුලතිව් චෙන්මලේ ප්‍රදේශයේදී ඔන්චිල්ලාවේ ලනුවට ගෙල සිරවී පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය සඳහන් කරයි. අදාළ දරුවා ඉකුත් 20 දා සවස සිය නිවසේ ගැට ගසා තිබූ ඔන්චිල්ලාවක සෙල්ලම් කරමින් සිට ඇති අතර එහිදී මෙම දරුවාගේ ගෙල ඔන්චිල්ලාව බැඳී කඹයට සිරව තිබේ. පසුව නිවැසියන් දරුවා වහාම මුලතිව් රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බව මුලතිව් රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 10 ක් පමණ වන ප්‍රසාද් දිනේෂ් නමැති දරුවෙකු වන අතර මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment