නිලධාරීන් මර නින්දට වැටෙද්දී මාන්කුලම්වල මහා වන විනාශයක්… සංවිධානාත්මක පිරිසක් අක්කර 200ක් සුද්ද කරලා…

170

මුලතිව්, මාන්කුලම් කරිතුරෙයිපට්ටු ප‍්‍රදේශයේ මේ දිනවල සිදුවන මහා වන විනාශය පිළිබඳව නිලධාරීන් නිහඬව සිටීමට එරෙහිව මුලතිව්, මාන්කුලම මහා මාර්ගය පුරා විරෝධතා වැකි ලියා තිබේ.

 මාන්කුලම කරිතුරෙයිපට්ටු ප‍්‍රදේශයේ රජයේ රක්ෂිත වනයේ අක්කර 200 ක් පමණ කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් බැකෝ යන්ත‍්‍ර යොදාගෙන එළිකරණ බවට පළාතේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක්ම මුලතිව් බලධාරීන්ට දැනුම් දෙන ලද නමුත් මේ දක්වාම එම ක‍්‍රියාව නතර වී නොමැති බව පවසන ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ මේ වන විට එම අක්කර 200ට අමතරව තවත් ප‍්‍රදේශයක් එළි කරමින් සිටින බවද පැවසූහ. මේ ක‍්‍රියාවට විරෝධය පළකරමින් මහා මාර්ගය පුරා විරෝධතා වැකි ලියා ඇත්තේ මේ අතරවාරයේදීය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment