සයිනෆෝම් එන්නත ගන්න නුවරඑළියේ දැඩි උනන්දුවක්

178

නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නුවරඑළිය නගර සීමාවේ අවු. 30 ට වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබාදීම ඊයේ (26 දා* නුවරඑළිය මහ නගර සභාවේ නාගරික පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී සිදු කෙරිණ.

 නුවරඑළිය නගර සභා සීමාවේ අවු. 30 ට වැඩි පුද්ගලයන් 3000 කට ඊයේ දින එන්නත ලබාදීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සැලසුම් කර තිබූ අතර එන්නත ලබා ගැනීම සඳහා නුවරඑළිය ප‍්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයද නොතකා 5000 කට අධික පිරිසක් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment