ලීසිං සමාගමේ සේප්පුවෙන් කෝටි 7ක රන්බඩු ඉස්සූ සේවකයෝ 2ක් මාට්ටු

256

රත්නපුර කලවාන ප්‍රදේශයේ ලීසිං සමාගමක සේප්පුවක තිබූ රුපියල් කෝටි හතකට ආසන්න වටිනාකමෙන් යුත් කිලෝ හතරක රන් ආභරණ සොරකම් කළ එම සමාගමේ අලෙවි නිලධාරි සහ අංශභාර නිලධාරි කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සොරකම් කළ රන් ආභරණ සියල්ලද සොයාගෙන තිබේ.

සේප්පුවේ යතුරු භාර නිලධාරීන්ගෙන් එම යතුරු සොරාගෙන සැකකරුවන් ඊට සමාන වෙනත් යතුරු හදා ඒවා යතුරු භාර නිලධාරීන්ගේ බෑග්වලට දමා මෙසේ සේප්පුව විවෘත කර ඇත.

පසුගිය සිකුරාදා (19දා) මෙම සොරකම සිදුකර ඇති අතර සඳුදා (22දා) උදෑසන සේප්පුව විවෘත කර පරීක්ෂා කළ අවස්ථාවේ රන් ආභරණ සියල්ලම අතුරුදන් බව ආයතනය දැනගෙන තිබේ.

කලවාන පොලිසිය ඒ මොහොතේම විමර්ශන ආරම්භ කර ඇති අතර එක් අයකුගේ සැක සහිත හැසිරීම නිසා සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

සැකකරුවන් රන් ආභරණ පොළොවේ වළලා තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment