පොහොට්ටුවෙන් විජයදාසට විනය පරීක්ෂණයක්

68

අධිකරණ, බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා සිටියදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ විනය මණ්ඩලය මගින් පරීක්ෂණයක් සිදුකරන බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා දිවයිනට ඊයේ (23දා) පැවසීය.

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරන ගමන් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගැනීම පක්ෂ ව්‍යවස්ථාවට අනුව නොහැකි බවත් යම් හෙයකින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ නම් ඔහුට තවදුරටත් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දැරීමේ හැකියාවක් නැති බවත් කාරියවසම් මහතා කීය.

විජයදාස රාජපක්ෂ මහතාට යම් හෙයකින් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අහිමි වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අභියෝගයට ලක්විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment