අපි උනුත් නෙවී, අපි මුනුත් නෙවී,  අලූත් ගමනක් යන පක්ෂයක් – ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා

339

උනුත් එකයි මුනුත් එකයි කියන එකේදී අපි උනුත් නෙවී, අපි මුනුත් නෙවී, අපි අලූත් ගමනක් යන අලූත් පක්ෂයක්. අනාගතයේදී උන්ටයි මුන්ටයි වෙනස් ගමනක් යන්න සිදුවෙනවා. ඒක අපි තේරුම්ගත යුතුයි. අපට කන්න නැතත් බොන්න නැතත් රටක් ඕන කියල ආපු අයට දැන් කන්නත් නෑ. බොන්නත් නෑ. රටකුත් නැහැ යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අකුරැුස්සේදී පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ අකුරැුස්ස, තිබ්බොටුවාව නගරයේදී සමගි ජන බලවේගයේ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතාගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

තවදුරටත් අදහස් පලකළ මන්ත‍්‍රීවරයා මෙසේද කීය. සමගි ජන බලවේගය අලූත් පක්ෂයක් හැටියට පිහිටුවලා මාසයකින් මැතිවරණයට නාම යෝජනා දුන්නා. හය මාසයකින් මැතිවරණයට අපි ඉදිරිපත් වුණා. 54 දෙනෙක් පාර්ලිමේන්තුවට ඇවිත් අපි විපක්ෂය බවට පත්වුණා. තව අවුරුදු පහක් යනකොට අපි අනිවාර්යයෙන් මේ රටේ ආණ්ඬුවක් පිහිටුවනවා.

පවතින ආණ්ඬුව ජනතාවගේ හෘද සාක්ෂියෙන් පරාජය වෙලා ඉවරයි. විකල්පයක් හැටියට අපිව පිළිගන්න ජනතාව සූදානමින් ඉන්නවා. පක්ෂය නිර්මාණය වුණේ ජනතාවගේ වුවමනාවට මිස අපේ වුවමනාවට නොවේ. රනිල් එපා, රනිල් එක්ක බෑ කිව්වේ ජනතාව. රනිල් එක්ක බෑ කියල එළියට බැස්සේ ජනතාවයි. එතකොට අපි ඔබත් එක්ක අත්වැල් බැඳගත්තා. මේ පක්ෂය නිර්මාණය කිරීමට පාර කපාදීම ගැන රනිල්ට ස්තුතිවන්ත වෙන්න ඕන.

අපි යහපාලන ආණ්ඬුවේ හිටියට ඒ ජරාජීර්ණ වැඩ කරපු ඔක්කොම කට්ටිය තවම එක්සත් ජාතික පක්ෂයේ ඉතුරුවෙලා ඉන්නවා. යහපාලන ආණ්ඬුව අසාර්ථක ආණ්ඬුවක්. අසාර්ථක වෙන්න තිබුණ හේතු කාරණා ඔබ දන්නවා. ඒවට වගකියන්න ඕන සේරම අය තවම එතන එකතුවෙලා ඉන්නවා. ආණ්ඬුව ආවම බෙන්ස් කාර්වල නැ`ගල ඩිෆෙන්ඩර්වලින් ආරක්ෂාව අරගෙන උඩපැන්න ඇරෙන්න රටේ ජනතාව වෙනුවෙන් යමක් කළේ නැහැ. ඒක තමයි ඒගොල්ලෝ ප‍්‍රතික්ෂේප වුණේ. යහපාලන ආණ්ඬුව කඩාගෙන වැටුනා. යහපාලන ආණ්ඬුව අතගහපු පාපකර්මවලට අපි එක්ක ඉන්න කවුරුවත් සම්බන්ධ වුණේ නැහැ. සමගි ජන බලවේගයේ අපි කවුරුවත් ඒක අපේ ආණ්ඬුවක් කියල කියන්න සූදානම් නැහැ.

අද රටේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙලා. රටේ ඉන්න අයගේ මුහුණු බැලූවම රට ගැන තේරුම් ගන්න පුළුවන්. මුහුණුවල තියෙන්නේ කලකිරීම, කාන්සිය, කණස්සල්ල, අවිනිශ්චිතභාවයයි. හෙට වෙනකොට ඞීසල් නැතිවේද, ලයිට් කපයිද, වතුර නැතිවේද කියලා. අද හැමතැනම පෝලිම්. කිරිපිටි, සිමෙන්ති, ගෑස් පෝලිම්, ගොවියා අනාථ වෙලා. අමාරුවෙන් හරි ගොවියා 25% ක ඵලදාව ගත්තත් තෙල් නැති නිසා ගොයම් ටික කපාගන්න විධියක් නැහැ. තෙල් නැති නිසා බෝට්ටු යන්න බැරි වෙනකොට මාළු නැතිවෙනවා. අද ජනතාවට ජීවත් වෙන්න බැහැ. රුසියාවේ යුද්ධය විකුණලා හරි ජනතාවට අඳෝනාව කියන්න පුළුවන්ද බලනවා ඇති. යුද්දෙ තියෙන රුසියාවේ මිනිස්සු පෝලිම්වල නැහැ. යුද්දෙ තිබුණත් මිනිස්සු කාල බීලා ඉන්නවා. මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තියෙනවා. යුද්දෙ නිසා අපිට කෑම බීම එන්නේ නැහැ කියයි. මොනවා හරි බොරු කියල ජනතාව රවට්ටන එක තමයි මේ දේශපාලකයෝ හැමදාම කළේ. වර්තමානයේ මිනිස්සුන්ගේ අතේ සල්ලි නැහැ. කුලී වැඩ නැහැ. කණකර ආභරණ බැංකුවල, පර්ස් එකේ තියෙන්නේ හැඳුනුම්පත විතරයි. මුදල් නැහැ. බස් ගාස්තුව තිබුණට බස්, කෝච්චි නැහැ. පොහොට්ටුවට කතිරය ගැහුව අයත් මේ දුක විඳිනවා. බෙදිල ගිහින් නැහැ.

මේ රටේ එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙගොල්ලෝ වරින්වර රට පාලනය කළා. කවුරු පාලනය කළත් මේ රට දියුණු වුණේ නැහැ. ඒක තමයි මගේ හෘද සාක්ෂියෙ තියෙන්නේ. මම දේශපාලනයට ඇවිල්ලා අවුරුදු දොළහමාරයි. ඒකෙන් දෙකහමාරක් වැලිකඩ උපාධිය ගත්තා. දේශපාලනයට අවුරුදු 10 යි. ජෙනරල් කෙනෙක් වුණේ 1998 දී. දේශපාලනඥයන් ඇසුරු කරන්නත්, ඒ ගොල්ල කරන දේවල් දකින්නත් ලැබුණා. මේ රටේ දේශපාලනය අමුතු දෙයක් නොවේ. මම දකින විධියට මේ රට කඩා වැටුණු රටක් බව අවිවාදයෙන් පිළිගන්න ඕන. ලෝකයට ණය වෙලා ණය ගෙවාගන්න බැහැ. මේක දවසකින් දෙකකින් වුණ දෙයක් නොවේ. 2010 – 2015 රාජපක්ෂ පාලන කාලයේදී වේගයෙන් ගිහින් තියෙනවා. අවුරුදු 74 ක් තිස්සේම වෙලා තියෙනවා. සුද්දෝ මේ රට අපිට භාරදෙන කොට කොම්පියුටර්, ලැප්ටොප් තිබුණේ නැහැ. හැම තැනම විදුලි බලය තිබුණේ නැහැ. රජ්ජුරුවන්ට තිබුණෙත් ලාම්පුවක් විතරයි. අද රට ලෝකය වෙනස් වෙලා. ඒ කාලයේ කණකර ආභරණ බැංකුවල තියන්න ඕන නැහැ. අද ණය නොවී ඉන්න බැහැ. එදා සුද්දෝ යන කොට ඩොලර් එකයි රුපියලයි එක සමානයි. කඩා වැටීමට හේතුව අවුරුදු 74 ක් පැවතුණ දේශපාලන සංස්කෘතියයි. පැවති සියලූම ආණ්ඬු මේකට වගකිව යුතුයි. මහවැලිය හැරවුවාම පොඩි තල්ලූවක් ආවා. රණසිංහ පේ‍්‍රමදාස මහත්තයා ගම්උදාව, ජනසවිය හැදුවා. යම්කිසි අංශයකට අතහිත ලැබුණා. සියල්ල හරහා රට ඉදිරියට යන ක‍්‍රමවේදයක් මේ රටේ ඇතිවෙලා නැහැ. ජනතාවට පීඩනය වැඩිවෙන්න වැඩිවෙන්න දේශපාලනඥයන්ට ජනතාව රවට්ටගෙන ඉන්න වටපිටාව වැඩියෙන් ශක්තිමත් වුණා. ජනතාවට දේශපාලනඥයා නැතිව ජීවත් වෙන්න බැරි වුණා. දුප්පත්කම, පීඩනය වැඩිවෙනකොට දේශපාලනඥයා ඔබව ග‍්‍රහණයට අල්ල ගන්නවා. යහපාලන කාලයේදී සමෘද්ධිය ලක්ෂ 14 ක් තිබුණා. තවත් ලක්ෂ 06 ක් සමෘද්ධිය වැඩියෙන් දෙන්න වුණා. ඒ කියන්නේ දුප්පත්කම වැඩිවෙලා. ජනතාව දුප්පත් නිසා දේශපාලකයාට ඡුන්දයක් දිනන්න ලේසියි. තෑගි බෝග දෙනවා. අරක්කු, කන්න බොන්න දෙනවා. දේශපාලකයා කිට්ටු වෙනවා. ජනතාව රැුවටෙනවා. මේක විනාශකාරී ක‍්‍රමයට ගිහින් තියෙන්නේ.

සමගි ජන බලවේගයේ අකුරැුස්ස ආසනයේ ප‍්‍රධාන සංවිධායක මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතාද මෙහිදී අදහස් පළ කළේය.

අකුරැස්ස – සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment