වැඩි මිලට සහල් වික්කොත් 1977ට කියන්න

146

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව 1977ට වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.සහල් සඟවාගෙන සිටින වෙළෙඳුන් පිළිබඳව ද එම දුරකථන අංකයට පැමිණි කළ හැකි බව අධිකාරිය පවසයි.සහල් සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද වෙළෙඳුන් වැඩිමිලට සහල් අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පවසන පාරිභෝගික අධිකාරිය සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර තිබේ.සහල් සඳහා නියම කර ඇති පාලන මිල අනුව රතු හා සුදු නාඩු කිලෝව රුපියල් 220ක්ද, කීරි සම්බා කිලෝව රුපියල් 260ක් ද, සම්බා කිලෝව රුපියල් 230ක් ද, රතු සුදු කැකුළු කිලෝව රුපියල් 210ක් ද වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment