කුරුණෑගල විදුහල්පතිවරයෙක් සියදිවි නසාගෙන

2206

කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලයේ විදුහල්පති ආනන්ද දසනායක (55) මහතා ඉකුත් 24 දා රාත්‍රියේ 11.30ට පමණ කුරුණෑගල වැව රවුමේ මැදලන්ද වත්තේ පිහිටි දෙමහල් නිවසේ දී සියදිවි නසා ගැනීමේ පුවතක් කුරුණෑගල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වේ.

කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලයේ විදුහල්පතිවරයකු ලෙස මෙම මස 22 දා සිට ආනන්ද දසනායක මහතා අත්සනට පමණක් සීමාවූ අතර වසර ගණනාවක් පුරා කුරුණෑගල අධ්‍යාපන කොටසට අයත් මාස්පොත නාලන්දෝදය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන ලදී. සියදිවි හානි කරගත් විදුහල්පති ආනන්ද දසනායක මහතා කුරුණෑගල සහෝදර විදුහල්පතිවරයකුගේ පියාගේ ගිරිබාව ප්‍රදේශයේ මළගමට සහභාගි වී නිවසට පැමිණීමෙන් අනතුරුව මෙසේ සියදිවි හානි කරගත් බවට තොරතුරු අනාවරණය වේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිළධාරී අජිත් ජයසේන මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙය ගෙල සිරවීමෙන් සිදුවූ මරණයක් බවයි.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල වැල්ලව අර්වින් රොයි

advertistmentadvertistment
advertistmentadvertistment