මූසිල මගේ පළමු ප්‍රතිවීර චරිතය – අකිල ධනුද්දර

254

මම රඟපාන නිළියන්ගේ නම් පවා දුව දන්නවා

පසුගිය 31 වැනිදාට ඔහු සිනමාවට ඇවිත් දශකයක් වෙනවා. හරියටම අවුරුදු දහයක් ගෙවිලා එකොළොස් වැනි අවුරුද්ද පටන් ගන්න දිනය වන ජුනි 01 වැනිදා ඔහු රඟපෑ පළමු ප්‍රතිවීර චරිතය රැගත් ගුත්තිල සිනමා නිර්මාණය තිරගත කිරීම ආරම්භ කරනවා. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිරි පැරකුම් සිනමා නිර්මාණයෙන් සිනමා ගමන ඇරඹූ අකිල ධනුද්දරගේ නවතම සිනමා කෘතිය තමයි සනත් අබේසේකර අධ්‍යක්‍ෂණය කරන හරේන් නාගොඩ විතාන නිෂ්පාදනය කරනු ලබන ගුත්තිල සිනමා නිර්මාණය. අකිල මෙහි මූසිලගේ චරිතය නිරූපණය කරනවා. ඉතිං අද අපි අකිලට මේ ඉඩකඩ වෙන් කරන්න හිතුවා.

මූසිල මගේ පළමු ප්‍රතිවීර චරිතය - අකිල ධනුද්දර

ගුත්තිල කාව්‍යයේ මූසිලට ඉතිහාසයේ ඉඳලා ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර නම් නෙමෙයි. එතකොට චිත්‍රපටයේ මූසිල ගැන කට්ටිය මොනවද කියන්නේ අකිල?

ඉතිහාසයේ ඉඳලා මූසිලට කවුරුත් හොඳක් කිව්වේ නැහැ. හේතුව මෙයා බෝධිසත්වයෝ එක්කනේ ප්‍රශ්න ඇති කර ගන්නේ. බෝධි සත්වයන්ගේ ගෝලයා වෙලා සියලු ශිල්ප ඉගෙනගෙන අවසානයේ තනි මතයක් බලාපොරොත්තු වෙන්නේ. අද කාලේ කොල්ලෝ වගේ තමයි පෙර සිරිතට යන්න කවුද කැමති. හිත ඇතුලේ ප්‍රශ්න තියාගෙන ජීවත් වෙනකොට කුහක වැඩ කරන්නත් වෙනවා. පරම්පරාව අලුත් වෙන කොට පෙර සිරිතට පිටින් යනවා. එහෙම ගිහින් නරක වැඩ කරනවා. නමුත් මුල අමතක වීම ශිෂ්‍යයෙක් නොකළ යුතු වැරැද්දක්. ඉතිං මූසිල කළේ ඒ වැරැද්ද. මූසිලට දිගටම බැණුම් අහන්න සිද්ධ වුණා.

මූසිල මගේ පළමු ප්‍රතිවීර චරිතය - අකිල ධනුද්දර

පිටපත අතට ලැබෙන කොට මොකද හිතුණේ?

මම ඉතිං පුංචි කාලේ ඉඳලා දන්න කතන්දරයක් නේ. මම විතරක් නෙමෙයි ලංකාවේ සිංහල විෂය නිර්දේශයේ තිබෙන කතාන්දරයක් නේ. ඒ හින්දා මේ කතාන්දරය මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න ආස හිතුණා. ඉක්මනටම කතාන්දරය කිව්වා. අධ්‍යක්‍ෂ සහ නිෂ්පාදකවරයායි මට පිටපත ලබාදුන්නේ. පිටපත කියවලා බලද්දී මට තේරුණ එක දෙයක් තමයි මේ පිටපත ඇතුළේ මූසිල නරක චරිතයක් නෙමෙයි. අපි මේ අද කාලේ දකින දියුණුවෙන්න දඟලන තරුණ කොල්ලෙකුගේ කතාවක්. අනික මමත් කැමති අප්පච්චි වගේම වීර චරිතවලට වඩා ප්‍රතිවීර චරිත කරන්න. මූසිල කියන්නේ මට හම්බවුණ ප්‍රථම ප්‍රතිවීර චරිතයයි.

මූසිල මගේ පළමු ප්‍රතිවීර චරිතය - අකිල ධනුද්දර
මූසිල මගේ පළමු ප්‍රතිවීර චරිතය - අකිල ධනුද්දර

පසුගිය මැයි 31 වැනිදාට අකිල සිනමාවට ඇවිත් වසර දහයයි. මොකද හිතෙන්නේ?

සෝමරත්න දිසානායක මහත්මයයි” රේණුකා බාලසූරිය මහත්මියගෙයි සිනමා නිර්මාණය තමයි සිරි පැරකුම්. ඒක ඉතිහාසයේ ලංකාවේ වැඩියෙන්ම හම්බ කරපු චිත්‍රපටය. ප්‍රථම චිත්‍රපයෙන්ම මම ජනප්‍රිය නළුවා බවට පත්වෙනවා. ඒ සැමරුම් සියල්ල මට මතක් වෙනවා. මාත් එක්කම සිනමාවට ආපු සෙනාලි ෆොන්සේකා මුහුණු පොතට එකතු කරලා තිබුණා සිරිපැරකුම් 31 වැනිදාට අවුරුදු දහයක් කියලා. ඒ කියන්නේ මාත් සිනමාවට ඇවිත් අවුරුදු දහයක් වෙනවා. එදා ඉඳලා අද වෙනකම් වීරයා තමයි වෙලා හිටියේ. මේ මගේ ප්‍රථම ප්‍රතිවීර චරිතය. මට මේ ප්‍රතිවීර චරිතය වීර චරිතයක් බවට පත්කරන්න බැහැ. මට සාධාරණ හේතු බලලා හරි එහෙම කළොත් වැරදිකාරයා වෙන්නේ බෝධිසත්වයෝ. කවදාවත් එහෙම කරන්න බැහැ.
සිදාදියේ සමනළියන්ට නොහිතපු විදිහට ප්‍රතිචාර ලැබෙනවා ඇති?

ඔව්… ඔව්… ඉහළ ප්‍රේක්‍ෂක ආදරයක් ලැබෙනවා. මේ වෙනකොට මම පවන්ගෙත් විශ්ව බවට පත්වෙලා තිබෙනවා. තවම ඉතාම අඩු කොටස් ප්‍රමාණයක් තමයි විකාශනය වෙලා තියෙන්නේ. ඒ වගේ කොටස් දහයක් දොළහක්ම විපර්යාසයක් වෙනවා කියන්නේ අනාගතය මරු. මේ වෙනකොට කට්ටිය මට විශ්ව කියලත් කතා කරනවා. මාත් එක්ක ප්‍රේක්‍ෂකයන්ගේ කතාබහ හරි වෙනස්.

මූසිල මගේ පළමු ප්‍රතිවීර චරිතය - අකිල ධනුද්දර

බිරිඳ මොකද සීඅයිඩී විශ්ව ගැන කියන්නේ.

එයා ආසයි එයා මගේ ඕනෑම චරිතයක්ම බලනවා. මට වඩා මගේ නාට්‍ය බලන්න පුළුවන්කම තියෙන්නේ මගේ බිරිඳට. මට අතපසු වුණත් මගේ බිරිඳ ඒ හැම දෙයක්ම ආවරණය කරනවා. මගේ හැම වැඩක් පස්සෙම ඉන්නවා. මම කරන හැම දෙයක්ම හරි ලස්සන දෙයක් අල්ලගෙන හරි ලස්සන විදිහට කියනවා. ඒක මට ලොකු ශක්තියක් වෙනවා. අපිට එහෙම ප්‍රශ්න නැති මිනිස්සු නෙමෙයි. අපිට තියෙන ප්‍රශ්න මිනිස්සු දන්නවා ඇතිනේ. ඒ ප්‍රශ්න කිසිවක් තිබුණාට ඉතාම සතුටින් ජීවත්වෙන මනුස්සයෙක් ප්‍රශ්නවලට මුහුණ දීලා ඒවා ජයග්‍රහණය කරන මාවතේ ඉන්න ගමන් මම ඉතාම සතුටින් ජීවත් වෙනවා.

රංගනයෙන් එපිට බිරිඳ සහ දුවත් එක්ක ගෙවන ජීවිතය?

ඒක ඉතාම සංතෝෂ තැනක් නිසා කිසිම ගැටලුවක් මට දැනෙන්නේ නැහැ.

මූසිල මගේ පළමු ප්‍රතිවීර චරිතය - අකිල ධනුද්දර

දුව තාත්තාව ටීවී එකෙන් දකිනකොට මොනවද කියන්නේ?

මම රඟපාන නිළියන්ගේ නම් පවා දුව දන්නවා. මේ ඔක්කොම අපේ යාළුවෝ නේ. මගේ දුව ඒ ගොල්ලන්ට කතා කරලා ආන්ටි අරකද? මේකද? කියලත් අහනවා. මගේ බිරිඳත් එක්කත් ඒ ගොල්ලෝ හරි මිතුරුයි. අපි ඔක්කොම එක යාළු කණ්ඩායමක් නේ.

● බිරිඳ කියන්නේ නැන්දා මෙයත් එක්ක නම් රඟපාන්න එපා කියලා.

අනේ නැහැ. ඔය ප්‍රශ්නය අහන්න ඕනෑ මේ ක්‍ෂේත්‍රයට ආධුනික කෙනෙක් නම්. අපි මේ ක්‍ෂේත්‍රය දන්නේ හඳුනන්නේ අප්පච්චිගේ කාලයේ ඉඳල නේ. එතකොට අපේ අම්මා අප්පච්චි කියපු නැති ඒවා කොහොමද මගේ බිරිඳ මට කියන්නේ.

ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ සිනමා නිර්මාණයක් තමයි. එකගෙයි සොකරි කවදාද ඒක නරඹන්න හම්බ වෙන්නේ?

ඇත්තටම ඒක අපි නිර්මාණය කරලා ඉවරයි. තිරගත කිරීමට බාලපොරොත්තු වෙලා හිටියේ ගිය අවුරුද්දේ. නමුත් අප්පච්චි ඒ ගැන තීරණයක් ගන්න ඕනෑ හින්දා අපි මේ වෙලාවේ ඒක අතහැරලා තියෙනවා. හේතුව අප්පච්චිගේ දේවල්නේ. අපි අතපත ගාන්න යන්න හොඳ නැහැ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment