බංග්ලාදේශය කල් දෙයි

169


බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ ඩොලර් මිලියන 200 ක ණය ආපසු ගෙවීමේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කර ඇකත

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ මාර්තු මාසය වන විට එම ණය මුදලේ පළමු වාරිකය ගෙවීමට බංග්ලාදේශයෙන් කල් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්ල මතුවූ තත්ත්වයං හේතුවෙන් ඒ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොවිණි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව තවත් මාස හයක දීර්ඝ කිරීමක් අපේක්ෂා කරන බවත් එහි පළමු වාරිකය මේ වසරේ අගෝස්තු මාසය වන විටත් තවත් වාරිකයක් සැප්තැම්බර් මාසය වන විටත් ලබා දෙන බවත් පැවසූ බව බංග්ලාදේශ බැංකු අධිපති පැවසීය.

බංගලාදේශ මහබැංකු අධිපති අබ්දුර් රූෆ් තලුක්දර් මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ වුවද එය නොමිලේ හිමිවන සහන කාලයක් නොවන අතරඊට තවත් පොලියක් එකතු වනු ඇති බව ද ඔහු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment