ටෙලිකොම් ගැන ආරක්ෂක කවුන්සිලයේ ද කථා කරයි

292

ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ප්‍රසිද්ධියට පත්කළ වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් සිදුකර නොමැති බවට අනාවරණය වී තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ අද (13) පැවති ආරක්ෂක කවුන්සිලයේදී මේ බව අනාවරණය වී ඇති බවය.කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගියදා ප්‍රසිද්ධ කළ වාර්තාවේ සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment