විවාහයට පෙර ස්ත්‍රී කේන්දරයේ කුජ 7 දැනගන්න

252

රන් හූයෙන් අතඟිලි එක්කොට පියනඟන විවාහය යන අකුරු සතර තුළ තමන් අභිමත චර්යා විධි හා නිදහස නොමැති බව හැඟීයන කලද බොහෝ යුවතියන් පමණක් නොව වැඩි වයස්ගත මවුවරුන්ද අනියම් සබඳතා මගින් විනෝදයත් විවේකයත් පමණක් නොව ඒ අපූරු කාමුක ආශ්වාදය සොයා දිවයාමට පෙළැඹීගනිත්. විවාහය යන අකුරු හතරෙහි අර්ථය ඉතා ගැඹුරුයි. එය මෙසේ විස්තර වේ.

වි – විශ්වාසය
වා – වාසනාව
හ – හසරැල්ල
ය – යන මඟ

යන අර්ථය බිඳහෙළා විවාහය තුළින් ලිංගික ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් ලබන තෘප්තිය කෙතරම් ඉහළ මට්ටමක පැවතුණ ද එය පිරිමියාට කලින් ස්ත්‍රිය තුළින් විද්‍යාරම්භ වී කලකිරීමක් ඉස්මතු කිරීමට සමත් වේ. මෙහිදී ඇය අනියම් වූ සංසේවන අවස්ථා වෙතින් කායික වූත් මානසික වූත් තෘප්තියක් ලැබීමට තැත්කරවන කුජ හත්වැන්නහි පිහිටා ඇති කාන්තාවන් ගැන විස්තර විවාහයට කලින් දැනගතහොත් ඔබටත් ඔබේ විවාහ ජීවිතයට ද වැදගත් වේ.

ස්ත්‍රි කේන්ද්‍රයක 7වැන්න මේෂ හෝ වෘෂ්චික රාශිය වී එහි කුජ යෙදී ඇතොත් ඇය මහා තේජසින් යුත් බලවන්තියකි. එමෙන්ම 7වැන්න මකර රාශිය වුවොත් හොඳ පිහිටීමකි. 7වැන්න මේෂ, වෘෂ්චික, මකර රාශිය වී එහි කුජ සිටියොත් බලවත් රුචක යෝගය යෙදේ. මෙම යෝග අධිපති වූ කුජ හා අනිකුත් පාප ග්‍රහ දෘෂ්ටි නොලැබුවොත් ඇය ස්ත්‍රි රත්නයකි. ධනයෙන්, බලයෙන්, රූපශ්‍රීයෙන් පූර්ණ රත්නයකි. එවැනි ස්ත්‍රියක් සමග විවාහවුවොත් එම පුරුෂයා අගහිඟවලින් තොරව සතුටින් වැජඹෙන්නෙක් වේ.

7 වැන්නේ කුජ සමග චන්ද්‍ර, සිකුරු, රාහු ග්‍රහයන් තිදෙනා සංයෝග වුවොත් ඇය විවාහ පුරුෂයාගෙන් පමණක් සෑහීමකට පත් නොවී කාම උන්මාදයෙන් උමතුව බාල, මහලු, තරුණ යැයි නොසිතා කම්සැපයන් රහසින් ලබා ගැනීමට පෙළඹේ.

චන්ද්‍රයා, සිකුරු රාහුගේ දෘෂ්ටියට කුජ 7වැන්නට ලක්වීම යහපත් නොවේ. එම ස්ත්‍රිය අන් පිරිමින් සමග රහසින් පහස ලබයි. කුජ 7 සිටියදී රවි සමග යෝග වුවොත් ඇය හිතුවක්කාර වේ. එයින් විවාහය කැඩේ.

කුජ චන්ද්‍රයා සමග සංයෝග වී 7 වැන්නේ සිටියදී එම සංයෝගය ශනිගේ දෘෂ්ටියට ගොදුරුවුවොත් ඇය විවාහයෙන් පසු තම තත්ත්වයට නොගැළපෙන පුරුෂයන් සමග අයථා ලිංගික ඇසුරට පත් වී කම්පහස ලබයි.

කුජ 7 වැන්නේ කේතු සමග සිටියහොත් ඔබ විවාහ වන ස්ත්‍රිය සමග ගැටුම් ඇති වේ. යුගදිවිය සතුටින් ගෙනයා නොහැක. මෙම සංයෝගය ශනිට දර්ශනය වුවහොත් ඇය නිතරම අදහස් වෙනස් කරන අතර ඇය විසින්ම ඇගේ ලිංගික ආශාවන් විවිධාකාරව හැසිරී ඉටුකර ගනී. ස්ත්‍රීන් ස්ත්‍රීන් සමග ද වේ.

කුජ 7වැන්නට ශුභ ග්‍රහයකු වන්නේ වෘෂභ, කටක, තුලා ලග්න හිමියන්ට පමණකි. සෙසු ලග්න හිමියන්ගේ 7වැන්නේ කුජ සිටීම යුගදිවියේ පැවැත්මට බාධාවකි.

කුජ නියෝජනය කරන රාශියට අයත් දේ ප්‍රේමය බිඳ දැමීමයි. එය කුජගේ සිරිතයි. 7වැන්න විවාහය පිළිබඳ ස්ථානයයි. ලිංගික ජීවිතය නියෝජනය කරන්නේ 7වැන්නේ බලයෙන්ය. කුජ දුර්වලව සිටියොත් ලිංගික ජීවිතය බිඳ දමයි. එසේ වන්නේ තම පුරුෂයා සිටියදී රහසේ වෙනත් පුද්ගලයන් සමග රති සුවය ලැබීමෙනි. සමහරවිට එසේ ඇසුරින් ඇය රහසේ අන් පුරුෂයකු සමග දිවිය ගෙනයාම සඳහා වෙන් වෙයි. එයින් විවාහ ජීවිතයද අවසන් වේ.

7 වැන්නේ කුජ දුර්වලවුවොත් ඔබ විවාහක බිරිය ඔබට සතුටු කිරීමට නොහැක. ඇය රති සුවයට මුළුදිවිය කැපකරන වනිතා කාම උන්මාදයෙන් මත්වී වෙනත් පිරිමීන්ගේ ඇසුරට යයි. එය වළකා ලීමට නොහැක. ඇය පිරිමින්ගේ වයස් නොබලා තම ලිංගික රසය විවිධාකාරව ලබාගනිමින් තම රති සුවය ලබාගනී. මෙවන් ස්ත්‍රීන් ස්ත්‍රීන් සමගද එක්වී පහස ලබයි.

විවාහක කාන්තාවගේ කේන්ද්‍රයේ 7වැන්න අධිපතියා වූ කුජ නීචයට පත්ව තිබියදී චන්ද්‍රයාද නීච වුවොත් එමගින් නීච භංග නම් මහා පරිමාණයේ සැප සම්පත් ලබාදෙන රාජ යෝගයත් යෙදෙනු ඇත. එසේ වූ විට කුජ නීච භාවය ක්‍රියා කරන්නේ අසුභව නොව සුහදායකවයි. එවැනි අය සමග විවාහවුවොත් ඔබේ බලාපොරොත්තු ඉටු වේ. විවාහ දිවිය ආලෝකවත් වේ. යහපත සැලසේ.

7වැන්නේ සිටින කුජ සමග ගුරු සංයෝග වුවොත් කුජගේ දුර්ගුණය ශුභ වේ. එවැනි කාන්තාවන් විවාහකර ගතහොත් විවාහය සාර්ථක වාසනාවන්ත දිවියක් ගත කළ හැක.

7වැන්නේ කුජ කුමන ආකාරයකට පිහිටා ඇතොත් ඒ මගින් කුජගේ දෝෂයක් ඇති වේ. විවාහ වන ස්ත්‍රීන්ගේ කේන්ද්‍රයේ 7වැන්නේ කුජ සිටී නම් එම දෝෂය මඟහරවා ගත හැකි වන්නේ ඔබේ කේන්ද්‍රයේ කුජ ලග්නය, දෙක, හතර, හත, අට හා 12 වැන්නේ කුජ හෝ රවි, කේතු රාහු ශනි යන ග්‍රහයෙක් සිටියොත් මිස ඔබේ කේන්ද්‍රයේ ඉහත ආකාරයට ග්‍රහයන් පිහිටා නැති නම් විවාහය කැඩී වෙන් වේ.

කුජ 7 සිටින කාන්තාවන් ඔබ විවාහ කර ගැනීමට පෙර ඔබේ කේන්ද්‍රයේ හොඳින් විධිමත් ආකාරයට සසඳා නිරීක්ෂණය නොකර විවාහ දිවියට එළැඹිය හොත් මුළු ජීවිත කාලය දුකෙන් කල් ගෙවීමට සිදුවන අතර ඇගෙන් වෙන්වීමට සිදුවනවා පමණක් නොව ජීවිතය පවා නොසිතූ ලෙස මරු වැළඳ ගැනීමට හේතු වේ.

ඒ ඉහත කරුණු අනුව කුජ හත්වැන්නේ සිටින කාන්තවන් සමග ප්‍රේම කිරීම, විවාහ වීම, ඇසුරු කිරීම කල්පනාකාරීව සිතට ගත යුතුය.

ජ්‍යොතිෂ්‍ය විද්‍යාජෝති,
ගුප්ත විද්‍යාකීර්ති
වාස්තු විද්‍යා උපදේශක,
සාමවිනිසුරු, දේශබන්දු

විවාහයට පෙර ස්ත්‍රී කේන්දරයේ කුජ 7 දැනගන්න

රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල – 077 073 0062

advertistmentadvertistment
advertistmentadvertistment