අධි තාක්‍ෂණික යන්ත්‍ර බිඳවැටී රෝහල් රැසක සේවා අර්බුදයක

88

යන්ත්‍ර බිඳවැටීම් හේතුවෙන් සහ අධි තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර නඩත්තු කිරීමට පියවර නොගැනීමෙන් ප්‍රධාන රෝහල් රැසක සෞඛ්‍ය සේවා දැඩි අර්බුදයකට ලක්වී රෝගී ජීවිත අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

අම්පාර, අවිස්සාවේල්ල සහ මාතලේ රෝහල්වල කෝටි ගණනක් වටිනා ක්‍රියාකාරී තත්ත්වයේ පවතින ප්‍රතිශක්තිජනන විශ්ලේෂක යන්ත්‍ර (immuno Analyser) රැසක් ඉවත දමා ඇති බවත් කිලිනොච්චිය, කොස්ලන්ද සහ අම්පාර රෝහල්වල ජීව රසායන විශ්ලේෂණ යන්ත්‍ර (Biochemestry Analyser) කිහිපයක් ද මෙලෙස භාවිතයෙන් ඉවත් කර ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පවතින ICPMS MS නමැති අති නවීන ස්කන්ධ වර්ණාවලීක්ෂය ද එකදු පරීක්‍ෂණයක් හෝ නොකර ඉවත දමා ඇති බවත් එම වර්ගයේම තවත් යන්ත්‍ර දෙකක් ළමා රෝහලට සහ ජාතික රෝහලට මිලදී ගෙන ඇතත් වසරක් පුරා ඉන් සිදුකර ඇත්තේ පරීක්‍ෂණ දහයකටත් අඩු සංඛ්‍යාවක් බවත් එම සංගමයේ සභාපති රවි කමුදේශ් මහතා “දිවයින”ට ඊයේ (13 දා) පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී ගෙන ඇති කෝටි ගණනක් වටිනා මෙම අධි තාක්ෂණික උපකරණවලින් 20% ක් 30% අතර ප්‍රමාණයක් හෝ ප්‍රයෝජනයට නොගෙන රෝගීන් වසර ගණන් පොරොත්තු ලේඛනයේ සිරකර ඇතැයි චෝදනා කරන ඒ මහතා උපකරණ මිලදී ගන්නේ අවශ්‍යතාවට නොව, ඉන් සිදුවන්නේ බිස්නස් සහ කොමිස් ගැසීමක් පණක් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment