මේ වසරේදී ආර්ථිකයේ 2.2%ක ධන වර්ධනයක් – ලෝක බැංකුව කියයි

24

ගිය වසරේ (2023) ආර්ථික පසුබෑමෙන් මිදී ශ්‍රී ලංකාව මේ වසරේ (2024) දී සියයට 2.2 ක ධන ආර්ථික වර්ධනයක් වාර්තාකරනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.

එසේම 2025 වසරේ සියයට 2.5කින් සහ 2026 වසරේදී සියයට 3 කින්ද ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වනු ඇතැයි ද මහ බැංකුව පුරෝකථනය කර තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකය මෙසේ යහපත් අතට හැරෙමින් පවතින නමුත් රටේ සිදු කරමින් පවතින ප්‍රබල ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අතරතුර දුප්පත් හා අවදානමට ලක්ව ඇති ජනතාව කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම් අවම කිරීම සඳහා තිරසාර උත්සාහයක් දැරීම වැදගත් බවද ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම නම් නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment