තවත් චීන නැවකට ලංකාවට එන්න අවසර ඉල්ලයි

49

ලබන ජනවාරියේ තවත් චීන පර්යේෂණ යාත්‍රාවකට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර දෙන ලෙසට මෙරට චීන තානාපති කාර්යාලය විදේශ අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඉන්දියාව මතු කරන ලද ආරක්ෂක ගැටලු නොතකා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබා ගත් චීන පර්යේෂණ නෞකාවක් වන ශි යාන් 6 යාත්‍රාව මෙරටට පැමිණ මාසයක් ගතවීමටත් පෙර මෙම ඉල්ලීම ඉදිරිපත් වී තිබේ.

සාගර විද්‍යාත්මක සමීක්ෂණ සහ පර්යේෂණ අධ්‍යයනයන්හි නිරත වන යාත්‍රාවක් වන ශියැන්ග් යැන්ග් හොන්ග් 03 වෙනුවෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් වී තිබේ. සංචාරය සඳහා ඉල්ලා ඇති දිනයන් ලබන වසරේ ජනවාරි 5 සිට පෙබරවාරි 20 දක්වා වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment