නගරාධිපති ඉවත් කරන්නැයි කළ සජබ යෝජනාවෙන් මොරටුව නගර සභා රැස්වීම උණුසුම්

607

මොරටුව මහා නගර සභාවේ ජුනි මස රැස්වීම පැවැත්වූ අවස්ථාවේ (සජබ) මන්ත්‍රී කණ්ඩායම විසින් නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාව එම තනතුරෙන් ඉවත් කළ යුතුයැයි ගෙනෙන ලද යෝජනාව වැඩබලන නගරාධිපති සමන්ත සිල්වා මහතා එය භාර ගත නොහැකි යැයි පැවසීමෙන් සභාව තුළ මහත් ගාලගෝට්ටියක් ඇති විය.

සභාව පාලනය කර ගත නොහැකිවූ වැඩබලන නගරාධිපති සමන්ත සිල්වා මහතා ජූලි මස රැස්වීමේදී එම යෝජනාව භාර ගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුව සභාව සන්සුන් විය.

එම යෝජනාවේ මෙසේද සඳහන් විය. මැයි 9 වැනිදා මොරටුව නගර සභාවේ සේවකයන් 400ක් පමණ රැගෙන ගොස් මයිනාගෝගම සහ ගෝඨා ගෝ ගමට පහරදී රටපුරා කැරලි කෝලහාල කිරීමට අනුබල දීම ජනතා නියෝජිතයකු මෙන් බලාපොරොත්තු විය නොහැකි සමාජ විරෝධී පුද්ගලයන් සමග පුද්ගලික සම්බන්ධකම් පැවැත්වීම, මොරටුව නගර සභාවේ සම්පත් අනිසි ලෙස යොදා ගැනීම, මොරටුව
නගරයටත් එහි අභිමානයටත් ඔහු මෙම ධුරය දැරීම වර්තමානයේ කැළලක් ඇතිවීම පුරෝගාමීන්ගේ නගරයක් ලෙස හැඳින්වූ මොරටුව පසුගාමින්ගේ
නගරයක් ලෙසට ගෙනෙනු ලබන්නේ වත්මන්
නගරාධිපතිවරයා වන අතර මෙලෙස චෝදනා
ගණනාවක් එල්ලවී ඇති පුද්ගලයෙකු තවදුරටත් මෙම නගරාධිපති ධුරයේ රැඳී සිටීම මොරටුවේ ජනතාවට වන අපකීර්තියකි. එසේ හෙයින් ඔහු වහාම ඉල්ලා අස්විය යුතු බවට මෙයින් යෝජනා කරන්නෙමු.

හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්

advertistmentadvertistment
advertistmentadvertistment