ජොන්ස්ටන් අල්ලන්න පොලිස් කණ්ඩායම් 2 ක්

304

කොටුව ගාලුමුවදොර සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිවයින’ට පැවසීය.

ඉදිරි දින කීපයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන බවද හෙතෙම කීය.

පසුගිය මැයි 09 වැනිදා කොල්ලුපිටිය, ගාලුමුවදොර සහ දිවයින පුරා සිදුවූ කලහකාරී ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 2348 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඉන් 1037 දෙනකු දැනටමත් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද ඒ මහතා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment