වෝග් ජුවලර්ස් Innovative Jeweller of the Year ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

143

Retail Jeweller World Dubai úiska msßkuk ,o Innovative Diamond Jeweller of the Yearසම්මානය වෝග් ජුවලර්ස්හි අධ්‍යෂක අනුරාධ හේමචන්ද්‍ර මහතා (වමේ සිට දෙවැනි) විසින් ලබාගත් අවස්ථාව. පවන් කුමාර මහතා සභාපති ීමබඑැජය ඊමිසබැි ීදකමඑසදබි චිරාග් සෝනි මහතා, අධ්‍යක්‍ෂක ීදකසඒසරු ඨැපපදකදටසජ්ක ඛ්ඉදර්එදරසැි සහ වෝග් ජුවලර්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, නන්දන හේරත් මහතාද පසෙකින් සිටී.

අනර්ඝතම දියමන්ති ඇල්ලූ ස්වර්ණාභරණ සඳහා කීර්ති නාමයක් දිනා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ සමාගම වන වෝග් ජුවලර්ස්, නොබෝදා ඩුබායිහි Jeweller World Dubai Awards 2022 අන්තර් ජාතික සම්මාන උළෙලේදී Innovative Diamond Jeweller of the Year හෙවත් වසරේ නව්‍යකරණීය දියමන්ති ස්වර්ණාභරණ සමාගම ලෙස පිදුම් ලැබුවේය. එහි විශේෂත්වය වනුයේ Retail Jeweller World Dubai Awards සංවිධානයේ කර්තෘ මණ්ඩලය විසින් ලොව පුරා ප්‍රමුඛ පෙළේ සහ ඉහළම තලයේ ස්වර්ණාභරණ සමාගම් 150කට අධික ප්‍රමාණයක් අතර පවත්වන ලද සමීක්‍ෂණයක් සිදුකර එළැඹගත් නිගමනයකින් මෙම Innovative Diamond Jeweller of the Year සම්මානය වෝග් ජුවලර්ස් වෙත පිරිනැමීමයි. ඊට අමතරව, මෙම සම්මානය ශ්‍රී ලාංකේය ස්වර්ණාභරණ සමාගමකට ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය ලෙස වෝග් ජුවලර්ස් නැවතත් වාර්තාවක් පිහිටුවයි.
සිය දියමන්ති ඇල්ලූ ස්වර්ණාභරණ නිර්මාණයේදී විශිෂ්ටත්වය වෝග් ජුවලර්ස් පිළිබිඹු කරන්නේ නන්විධ අයුරින්ය. අනර්ඝතම තත්ත්වයේ දියමන්ති පමණක් යොදා ඒවා නිෂ්පාදනය කරන්නේ නිරතුරුව නිර්මාණ නව්‍යකරණයේ යෙදෙමිනි. ඒ නව මෝස්තර සංකල්ප හඳුන්වා දෙමින්ය. එයයි නිර්මාණ නව්‍යකරණය නොහොත් design innovation වනුයේ. එලෙස හඳුන්වාදුන් මෝස්තර සහ සංකල්ප බොහොමයක් නව විලාසිතා ලෙස ජනප්‍රිය වී ඇත. වෝග් ජුවලර්ස්, දේශීය දියමන්ති ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයට නව මානයක් එක්කරමින් ආදර්ශවත් සේවයකට ඇප කැප වී සිටී. ජාත්‍යන්තර ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ මෙලෙස බැබළෙමින්, ශ්‍රී ලංකාවට මෙවන් කීර්තියක් ගෙන එන්නේ අප දේශයක් වශයෙන් ඉතා අඳුරු යුගයක් පසු කරන අවධියකය.

වෝග් ජුවලර්ස් Innovative Jeweller of the Year ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

වෝග් ජුවලර්ස්හි කළමනාකාර අධ්‍යක්‍ෂ අනුර හේමචන්ද්‍ර මහතා මෙම සම්මානය ලැබීම පිළිබඳව මෙසේ පැවසීය, “මෙම වසර වෝග් ජුවලර්ස්හි අපට සුවිශේෂයි. ඒ අප මෙතෙක් ආ ගමනේ හැටවන වසර සනිටුහන් කරන බැවිනි. එවන් මොහොතකදී අප වෙත මෙම ජාත්‍යන්තර සම්මානය ලැබීම අපට සතුටක් ගෙනදෙන කරුණක් මෙන්ම, අප විසින් නිපදවන දියමන්ති ඇල්ලූ ස්වර්ණාභරණ නිෂ්පාදන ක්‍රියාවලියේදී අප පවත්වාගෙන යන අති විශිෂ්ට අනර්ඝත්වය පිළිබිඹුවන කැඩපතක් බඳුය. අප ආයතනයේ මෝස්තර නිර්මාණකරණයේ සහ නිෂ්පාදනයේ සිට පාරිභෝගික සේවාව ඇතුළු සියලුම අංශයන්හි සේවයේ යෙදෙන්නන්, නිපුනත්වයෙන් සහ කුසලතාවයන්ගෙන් ඉහළ අය වන අතර, ඔවුන්ට නායකත්වය දීමට ලැබීම ගැන මම සතුටු වෙමි. ඔවුන් සියලු දෙනාටම මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා. දිනෙන් දින උසස් තත්ත්වය තව දුරටත් ඉහළට ඔසවා තබන්නට, අප සමාගමේ අධිපතිනිය වන චන්ද්‍රා හේමචන්ද්‍ර මැතිනිය, අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ කළමනාකාර මණ්ඩලය විසින් අප සේවක මඬුල්ලට ලබා දෙන මගපෙන්වීම සහ නායකත්වය ද මා විසින් බෙහෙවින් අගයකොට සලකනවා.

අප සමාගමේ විශේෂ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරන්නේ දශක හයක් පුරා වෝග් ජුවලර්ස් කෙරෙහි අඛණ්ඩ විශ්වාසය තැබූ අප පාරිභෝගික භවතුන්ටය. වෝග් ජුවලර්ස්හි නිර්මාතෘ දිවංගත සරත් හේමචන්ද්‍ර මැතිඳුන් සහ වර්තමාන සභාපතිනිය වන චන්ද්‍රා හේමචන්ද්‍ර මැතිනිය යන මාගේ දෙමාපියන් 1962 වසරේදී වෝග් ජුවලර්ස් ඔබ වෙත විවෘත කරන විට ඒ දුන් “සැමදා ඔබ සමඟ” යන පොරොන්දුව අප නිරතුරුවම අලුත් කරන්නේ දේශීය සහ ජාත්‍යන්තර ස්වර්ණාභරණ කලාවට නව මානයන් එක් කරමිනි. ක්‍ෂේත්‍රයේ අන් සියල්ලන්ම අභිබවා යමින් සම්මානයට පාත්‍ර වෙමින්ය. මෙලෙස සම්මානනීය නිර්මාණත්වයේ නව්‍යකරණයට අප ඇප කැප වෙන්නේ ඔබ වෙනුවෙන්මය.දේශීය සහ ජාත්‍යන්තර සම්මානයන්ගෙන් වැඩිම වාර සංඛ්‍යාවක් පිදුම් ලද ශ්‍රී ලාංකේය ස්වර්ණාභරණ සමාගම ලෙස කීර්තිය දිනා ඇති වෝග් ජුවලර්ස් තබා ඇති වාර්තා අතර ISO 9001: 2008 සහතිකය ලත් ප්‍රථම ආසියානු කලාපික ස්වර්ණාභරණ සමාගම වීමත්, ISO 9001: 2015 සහතිකය ලත් ලොව ප්‍රථම ස්වර්ණාභරණ සමාගම වීමත් විශේෂත්වයක් උසුලයි. වෝග් දියමන්ති ඇල්ලූ නිර්මාණ දේශීය සහ ජාත්‍යන්තර සම්මාන ලත් නිර්මාණ අතර Planetary alignment, Wind Turbine වැනි විවිධාකාරයට පැලඳිය හැකි නිර්මාණද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment