කුඹුරු හානි සොයන්න ඩ්‍රෝන යානා

28

ගංවතුරින් හානියට ලක්වූ කුඹුරු ඉඩම් පිළිබඳව සොයාබැලීමට ඩ්‍රෝන යානා භාවිතා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාව නිසා හටගත් ගංවතුරින් කුඹුරු ඉඩම් අක්කර හැටඑක්දහසක් පමණ හානියට ලක්ව ඇතැයි වාර්තාවී තිබේ.

මෙම ඉඩම් නිවැරදිව හඳුනාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය පළමුවරට ඩ්‍රෝන යානා පහසුකම් ලබාගැනීමට තීරණය කර ඇතැයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එසේ හඳුනාගනු ලබන හානියට ලක්වූ කුඹුරු ඉඩම් සඳහා වන්දි ලබාදීමට කෘෂිකර්ම හා ගොවි රක්‍ෂණ මණ්ඩලයට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇතැයිද එම ප්‍රකාශකයා පැවසීය. හානියට ලක්ව ඇති කුඹුරු අක්කර ප්‍රමාණය වී වගා කරනු ලැබූ සමස්ත කුඹුරු අක්කර ප්‍රමාණයෙන් සියයට විස්සක පමණ ප්‍රමාණයක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment