ඔන්ලයින් පනත නිසා රටට අහිතකර විපාක විඳින්න වෙනවා – ජී. එල්. පීරිස්

66

මාර්ගගත ආරක්‍ෂණ පනත මගින් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රටට අහිතකර ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවනවා යැයි නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (5 දා) පැවසීය.

කථානායකවරයා විපක්‍ෂයේ අදහස්වලට පයින් ගසා මාර්ගගත ආරක්‍ෂක පනත සම්මත කරගත් බවත්, එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට මරු පහරක් බවත් එම පක්‍ෂ කාර්යාලයේ ඊයේ (5 දා) පැවැති මාධ්‍ය හමුවේදී ජී. එල්. පීරිස් මහතා පැවසීය.

පසුගියදා සමගි ජන බලවේගය සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයට රජය විසින් එල්ල කරන ලද ජල හා කඳුළු ගෑස් ප්‍රහාර පිළිකුලෙන් හෙළා දකින බවත්, විපක්‍ෂ නායකවරයකුට එවැනි ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ඉතිහාසයේ කිසිදා එල්ල නොවුණු බවත් ඔහු කියා සිටියේය. ජාතික මැතිවරණ නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට නොහැකි වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුව මෙවැනි අණපනත් ගෙනඑන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment