කබාය ගැලවුණු නාගානන්දගේ නඩුවක් උසාවියෙන් නවතයි

2468

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වනවිට නීතිඥ භාවය සම්පූර්ණයෙන්ම අහෝසි කොට ඇති නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් “ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු” පක්‍ෂයේ ලේකම් ආචාර්ය කපිල තැමිලිමුල්ල මහතාට එරෙහිව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවක පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යෑම වළක්වමින් කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (05දා) නියෝගයක් නිකුත් කළේය.

ආචාර්ය කපිල තැමිලිමුල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට එම නියෝගය නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment