චීනයෙන් ‘බොක්කෙන්ම’ සහාය – ජනපතිට පොරොන්දුවක් ලැබෙයි

104

ශ්‍රී ලංකාවට දේශපාලන කොන්දේසිවලින් තොරව සහාය ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පවසා ඇත.

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා ඉකුත් 20දා චීන ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමටත් අපනයන වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බවද චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සඳහන් කර ඇත.

බීජිං නුවරදී මෙම හමුව සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment