පාඨලී – සජබ දේශපාලන සාකච්ඡාවක්

2066

සමගි ජන බලවේගය සමග සක්‍රීය ලෙස දේශපාලන කටයුතුවලින් බැහැරව සිටින එම පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සජබය සමග විශේෂ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා පාඨලී චම්පික රණවක මහතා සජබයෙන් ඉල්ලීමක් කර ඇති අතර සජබය ද ඊට එකඟත්වය පළකර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. මේ අනුව ඉදිරියේ දී අදාළ සාකච්ඡාව සිදුවනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.

මෙවැනි දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීමට පාඨලී චම්පික රණවක මහතා ඉල්ලීමක් කර ඇතැයි යන්න ඔහුගේ පාර්ශ්වයේ ප්‍රකාශකයෙක් ද දිවයින ඉරිදා සංග්‍රහයට තහවුරු කර සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment