කව පෙත්තේ ලෝක වාර්තාව වෙනස් වෙයි

312

ලිතුවේනියාවේ මයිකොලාස් ඇලෙක්නා විසින් මීටර් 74.35 ක දුරකට කවපෙත්ත විසිකරමින් එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට පෙරේදා (14 වැනිදා ) සමත් වූයේය.

ඔහු අතින් බිඳ වැටුනේ 1986 වර්ෂයේදී නැගෙනහිර ජර්මනියේ ජර්ගන් ෂුල්ට් විසින් මීටර් 74.08 ක දුරක් වාර්තා කරමින් පිහිටුවා තිබූ වාර්තාවකි.

ඒ අනුව මයිකොලාස් වසර 38 කට පසුව එම වාර්තාව අලුත් කළේය. මයිකොලොස් ඇලෙක්නාගේ පියා වූ වර්ජිලිජස් ඇලෙක්නා ද කවපෙත්ත විසිකිරීමේ ශූරයෙකු වූ අතර 1986 වර්ෂයේ පිහිට වූ වාර්තාව බිඳ හෙළීමට ආසන්නයටම පැමිණි පුද්ගලයාද ඔහු වේ.

2000 වර්ෂයේ වර්ජිලිජස් විසින් මීටර් 73.55 ක දුරක් වාර්තා කරමින් ජර්ගන් ෂුල්ට්ට පසු එම ඉසව්වට හොඳම දක්ෂතාව දැක්වුවත්, අවාසනාවට ඔහුට එම වාර්තාව බිඳ හෙළීමට නොහැකිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment