බලුකිස්තානයේ පිරිසක් මත් ද්‍රව්‍ය සමග කොටුවෙති

185

පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇත.”අල් රාසා” නැමති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කරයි.මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 86ක් පමණ වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 600කට අධික බව ද වෙරළාරක්ෂක බළකාය සදහන් කරයි.අත්අඩංගුවට ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14දෙනාම බලුකිස්තානයේ පදිංචිකරුවන්ය.ඒ අනුව ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගුජරාටයේ පොර්බන්ඩර් වෙත රැගෙන විත් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment