දරුවන් රකින්න බුද්ධි ඒකකයක් – ඇමැති ප්‍රමිත බණ්ඩාර

61

දරුවන්ගේ කුසලතා සහ අන්‍යොන්‍ය වූ හැකියාවන් උපයෝගි කර ගනිමින් ඔවුන්ගේම ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණය ඇති කරලීම සඳහා සමාජ බුද්ධි ඒකකයක් ස්ථාපිත කරලීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

ඔහු එසේ පැවසුවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණු මධ්‍යස්ථානයේ පැවැති ආධුනික නිලධාරි පාඨමාලා අංක 41 විසිරයෑමේ පෙළපාලියට එක්වෙමිනි.

එහිදී රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

මෙම වසර ජාතික ශිෂ්‍ය භට බළකායට ඉතා වැදගත් වසරක් වගේම ස්වර්ණමය අවස්ථාවක්. ඉතිහාසයේ පළමුවන වතාවටයි මෙලෙස ජනාධිපති අධිකාරිය සංකේතවත් කරමින් අසිපත් ප්‍රදානය කොට ශිෂ්‍ය භට බළකා නිලධාරීන් විසිර යන්නේ. මේ වසරේදී අපි ජාතික ශිෂ්‍ය භට බළකායේ කටයුතු වඩාත් පුළුල් කිරීම සඳහා ගුරු විදුහල්පතිවරු 1000 ක් අනුයුක්ත කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත්තා. ජාතික ශිෂ්‍ය භට බළකායේ විෂයමාලාව අනාගතයට සුදුසු විශ්වීය පුරවැසියකු නිර්මාණය කිරීමට අවැසි කුසලතා ආකල්ප සහ දැනුමින් යුතුව යාවත්කාලීන කිරීමට කටයුතු කළා. ඒ වාගේම බහු සංස්කෘතික අන්‍යෝන්‍ය ආකල්පවලින් පොහොසත් අනාගත ශ්‍රී ලාංකීය පුරවැසියා බිහි කිරීම සඳහා උතුරු නැගෙනහිර දුවා දරුවන් ජාතික ශිෂ්‍යභට බළකායට බැඳීම උනන්දු කර වීමට පියවර රාශියක් මේ වන විට අරගෙන තිබෙනවා. අපි ශිෂ්‍යභට දරුදැරියන්ට ජාත්‍යන්තර අත්දැකීමට නිරාවරණය කිරීම සඳහා ඉන්දියාව සහ මාලදිවයින යන රටවල් සමග ඒකාබද්ධ පුහුණු කඳවුරක් පැවැත්වීමට කටයුතු කරගෙන යනවා.

advertistmentadvertistment
advertistmentadvertistment